Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ආබාධිත ගෘහස්ත ඔරු පැදීමේ ශුරතාවය ශ්‍රී ලංකා පාබල හමුදාවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා 2017 අන්තර් රෙජිමේන්තු ගෘහස්තපැරා ඔරු පැදීමේ තරඟාවලිය පසුගියදා (10 බ්‍රහස්පතින්දා) පනාගොඩ යුද්ධ හමුදා ජනපද ක්‍රීඩාගාර පරිශ්‍රයේ දී පැවැත්වු අතර, එහිදි යුද්ධ හමුදා තරඟකරුවන් 48 දෙනෙකු කණ්ඩායම් 7 ක් යටතේ ශුරතාවලිය සඳහා තරඟ වැදුනි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බලඇණිය, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව සහ විශේෂ බලකායේ පැරා ඔරු පැදීමේ කණ්ඩායම් මෙම ශුරතාවය සඳහා තියුණු ලෙස තරඟ වැදුණු අතර, අවසානයේ දී ශ්‍රී ලංකා පාබල හමුදා තරඟකරුවන් ශුරතාවය අත්පත් කරගත්හ.

යුද්ධ හමුදා පැරා ඔරු පැදීමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ගේ උපදෙස් අනුව 11 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.ටි.සී. ද සිල්වා සහ භට පිරිස් මෙම තරඟාවලිය සංවිධානය කොට තිබුණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සංඥා බළසේනාධිපති බ්‍රිගේඩියර් තිලක් වෛද්‍යරත්න සහභාගි වු අතර, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද නැරඹිම සඳහා පැමිණ සිටියහ.

තරඟාවලිය අවසානයේ ජයග්‍රාහක කණ්ඩායම් වෙත සහතිකපත් ප්‍රදානය සිදුවිය.

latest jordans | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth