Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th February 2018 12:46:08 Hours

ආපදා අවස්ථාවලදී සේවා සැපයූ යුද්ධ හමුදා සාමාජිකයින්ට උපහාර

යුද්ධ හමුදාවේ ඉහළම නිලධාරින් තිදෙනා වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සමඟ එක්ව එකම වේදිකාවකදී ගෙවීගිය වසර කිහිපය තුල ඇතිවු ස්වාභාවික ව්‍යවසන සහ ආපදා අවස්ථාවලදී අපරිමිත සහයෝගයක් ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයින් 60 ‍දෙනෙකු අගයමින් සඳුදා (12) දින සන්ධ්‍යාවේ විශේෂ උත්සවයක් යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණ.

යුද්ධ හමුදාධිපති තුමාගේ නව සංකල්පයක් මත, යහපත් කාර්යයන් සඳහා සහභාගි වන්නන් සැමවිටම ප්‍රසංශාවට ලක්විය යුතු බව පසක් කරමින් යුද්ධ හමුදාව තුල ප්‍රථම වතාවට 2016 - 2017 වසරවල හදිසි ව්‍යවසන තත්වයන්හිදී ආපදාවට ලක්වූ සිවිල් ‍ජනතාව බේරා ගැනීමට දායක වූ හා කැපී පෙනෙන අයුරින් සහන සැලසු යුද්ධ හමුදා මුදවාගැනීමේ හා සහන සැලසීමේ කණ්ඩායම් ඇගයීමට ලක්කෙරුණි.

යුද්ධ හමුදාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස්, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් දේවින්ද පෙරේරා, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසුනිලයින් සහ සම්මානලාභින් රැසක් ද සහභාගි වූ අතර, එහිදී ඔවුන්ගෙන් සිදුවූ සේවය අගයමින් වටිනා සහතික පත් පිරිනමන ලදි.

සම්මාන ප්‍රධානෝත්සවයේදී වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ කැපවීම අගය කරමින් රට දැය හා යුද්ධ හමුදාව සඳහා කල කැපීපෙනෙන සේවය වෙනුවෙන් ප්‍රසංශා කොට ත්‍යාග ප්‍රදානය කරන ලදි.

යුද්ධ හමුදාධිපති ගේ උ‍පදෙස් මත පිරිස් පරිපාල අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය අමතමින් යුද්ධ හමුදාධිපති ඔවුන් වෙත සිය සුභාශිංසන පිරිනැමූ අතර, එම යුද්ධ හමුදා සාමාජිකයින් සිය ජිවිතය පරදුවට තබමින් දිවා රෑ නොබලා කල සේවය හේතුවෙන් ඔවුනට ජාතියේ ඉහළම ගෞරවය හිමිවිය යුතු බව ප්‍රකාශ කලේය.

මෑතකදී සිදුවූ දරුණු ව්‍යවසන අවස්ථාවන්හිදී පවා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රථ‍මයෙන්ම පැමිණ සෙවීම්, ජිවිතාරක්ෂක සහ සහන සැලසීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙහිලා පෙරමුණ ගෙන කටයුතු කරන ලදි.

මීරියබැද්ද, අරණායක, දැරණියගල, බුලත්කොහුපිටිය, ඉලුක්වත්ත යන ප්‍රදේශ වල සිදුවු නායයෑම්, කොළඹ, රත්නපුර, මතුගම ආදි ප්‍රදේශ වල ඇතිවූ ගංවතුර, පානදුර, මිනුවන්ගොඩ සහ කටාන ආදි ප්‍රදේශ වල ඇතිවූ සුලි සුලං තත්ව, කොස්ගම ඇතිවූ පිපිරීම් ආදිය සහ මීතොටමුල්ල කසළ කන්ද නායයෑම වැනි සිදුවීම් වලදී සිය ගණනක් හමුදා සාමාජිකයින් තම කඳවුරු වල සිට ආපදා සිදුවූ ස්ථානයන් වෙත පැමිණ සිවිල් ජනතාවට විවිධ ආකාරයෙන් සහය ලබාදෙමින් සහ සහන සේවා සලසමින් තාවකාලික කඳවුරු ඉදිකරමින් ආපදාවට ලක්වූවන් එම කඳවුරු වෙත යාකරමින් ඇතිවු ආපදා තත්වය නැවත සමථයකට පත්වන තෙක් රාජ්‍ය හා පළාත් පාලන ආයතන සමඟ සම්බන්ධතාවයෙන් තම සේවය ආපදාවට ලක්වුවන්ට ලබාදිම සිදුකලහ.

එහිදී, මෑතකදී පැවති නිදහස් දින පෙළපාලියේ හොඳම සරඹ කණ්ඩයට හිමි සම්මානය දිනාගත් ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ඔවුන්ගේ දස්කම් අගයමින් ත්‍යාග ප්‍රදානය කිරීම ද සිදුකරන ලදි.

Sports brands | Nike Air Max