Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2018 13:27:53 Hours

ආනන්දීයන් ඇරඹූ උතුරින් දකුණට සංහිදියාවේ සංචාරය

කොළඔ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබු ‘දකුණේ සිට උතුරට සහෝදරත්ව වැඩසටහන’ ඔක්තෝබර් 17 සහ 20 යන දිනයන් තුළ පැවැත්වු අතර කොළඔ ආනන්ද විද්‍යලයේ ආදි ශිෂ්‍යයෙක් වු ශ්‍රි ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මෙම වැඩසටහන සදහා අනුග්‍රාහක දායකත්වය දක්වනු ලැබීය.

මෙම වැඩසටහන සදහා සහභාගි වූ පේදුරුතුඩුවේ අල්වෙයි අම්බාල් විදුහලේ සිසුන් 38, ගුරුවරුන් 9 ක් සහ දෙමාපියන් 6 දෙනෙකු ඇතුළු පිරිස17 වන දින කතරගම ප්‍රදේශයේ සංචාරයක නිරතවිය එහිදි යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහයෝගය ද ඇතිව පැමිණි සංචාරක පිරිස සදහා ශ්‍රි ලංකා විදුලි හා යාන්‍ත්‍රක ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ආහාර පාන හා ප්‍රවාහන පහසු කම් සපයනු ලැබීය.

සංචාරය අතරතුරදි එම පිරිස ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් හා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පැමිණි පිරිස කොළඔ කොටුව දුම්රිය නැවතුම්පලේදි පිලිගනු ලැබු අතර එහිදි ඔවුන් වෙත ආහාර පාන සහ නවාතැන් පහසුකම් සපයනු ලැබීය. එමෙන්ම ඔවුන් නැවත කතරගම සිට පැමිනෙන අවස්ථාවේදි ඔවුන් හට උදැසන අහාර සහ තේ පැන් සංග්‍රහයක් ශ්‍රි ලංකා විදුලි හා යාන්‍ත්‍රක ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි සපයනු ලැබීය.

කතරගම ප්‍රදේශයේ සංචාරය තුලදි හමුදා භට පිරිස් විසින් ආහාර පාන ලබාදුන් අතර. ඊට අමතරව 4 වන සිංහ රෙජිමේන්තුව සහ විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් මෙම සංචාරය සදහා අවශ්‍ය පහසුකම් සපයනු ලැබිය.

‘දකුණේ සිට උතුරට සහෝදරත්ව වැඩසටහන’ ප්‍රථම වරට දකුණේ ආනන්දීය ආදි ශිෂ්‍යයන් විසින් ආරම්භ කරනු ලැබු අතර එහි පළමු අදියර ආදිශිෂ්‍ය සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලැබිය.

මෙම වැඩසටහන උතුරේ සහ දකුණේ ජනතාව අතර සුහදතාව, අවබෝධය, මිත්‍රත්වය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් දකුණේ ආනන්දීය ආදිශිෂ්‍යයන් විසින් ක්‍රියාවට නංවනු ලැබු අතර.උතුරු පළාතේ සිටින ජනතාවට දකුණේ ජනතාවගේ ආගන්තුක සත්කාරය භුක්ති විඳිමට මින් අවස්ථාව හිමිවේ. best Running shoes | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival