Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th August 2018 12:56:47 Hours

අවමංගල්‍යය උත්සවය සඳහා භට පිරිස්හි සහය

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අම්බපුරම්, ඉරනමනාතනගර් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක පසුගියදා මියගිය 13 හැවිරිදි පුතණුවන්ගේ අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු සිදුකරගැනීම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනාවේ භට පිරිස් ස්වේච්ඡාවෙන් සිය සහයෝගය දක්වනු ලැබීය.

මෙම පවුලේ සාමාජිකයින් විසින් කළ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන ගේ මඟපෙන්වීම යටතේ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස් විසින් එම අවමංගල්‍ය නිවස සඳහා අවශ්‍ය තාවකාලික කුඩාරම්, පුටු,  පිසින උපකරණ ආදීය මෙන්ම දින දෙක පුරාවටම අවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සපයනු ලැබීය.

අවමංගල්‍ය උත්සවය පැවති දිනයේ දී අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි අම්ඹපුරම් හි ගම්වාසීන්ට අවශ්‍ය පහසුකම් සැලසීය. එසේම සහයෝගීත්වය සහ සංහිඳිව සංකේතවත් කරමින් භට පිරිස් විසින් සහභාගි වූ සියලුදෙනා වෙත ආහාරපාන, බිස්කට් පැකට් සහ පිසූ ආහාර ද සපයනු ලැබීය. 

එමෙන්ම, 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රංජිත් අබේසිංහ ඇතුළු නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් නිවස ආසන්නයේ සුසාන භූමියේ පැවති අවමංගල්‍ය උත්සවය සඳහා ද සහභාගි වූහ. jordan Sneakers | Nike Shoes