Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2018 13:27:54 Hours

අලුත්වැඩියා කරන ලද කොනොනි සමාජ ශාලාව විවෘත කෙරේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ අලුත්වැඩියා කරන ලද කොමිෂන් නොලත් නිලධාරින්ගේ සමාජ ශාලාව බදාදා (28) දින සරල උත්සවයකින් අනතුරුව කොමිෂන් නොලත් නිලධාරීන් වෙත භාරදෙනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි විය.

අලුත්වැඩියා කරන ලද කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමරුඵලකය නිරාවරණය කරමින් විවෘත කරනු ලැබීය. අනතුරව ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් ආරාධිතයින් සම්ප්‍රදායානුකුලව පොල්තෙල් පහන දැල්වීම සඳහා එක්වුහ. එහිදි කොමිෂන් නොලත් නිලධාරීන් විසින් සංවිධානය කරනු ලැබු ‍තේපැන් සංග්‍රහකින් උත්සවය අවසන් විය.

රූපවාහිණි නැරඹුම් ස්ථානයක්, රටබීමහලක් සහ අනෙකුත් පහසුකම් වලින් සමන්විත මෙම සමාජ ශාලාව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත ඉංජිනේරු සේවා බලකායේ සහ එම මූලස්ථානයේ සියලුම නිලයින්ගේ ශ්‍රමදායකත්වයෙන් අලුත්වැඩියා කරන ලදි.

අලුත්වැඩියා කරන ලද සමාජ ශාලාව විවෘත කිරීමේ උත්සවය සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද එක්ව සිටියහ.

Sport media | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK