Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd June 2020 22:12:37 Hours

අලංකාරවත්ව සංවර්ධනය කළ යුද්ධ හමුදා මුලස්ථාන වටපිටාව, දැන් මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව මාස කිහිපයක් තුළ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යුද්ධ හමුදා මූලස්ථානය අවට වටපිටාව පරිසර හිතකාමී ලෙස අලංකාරවත් කර මහජනතාව වෙනුවෙන් ශාරීරික යෝග්‍යතා මංතීරු සහිතව ඉදිකර සාර්ථකව නිම කරන ලද තවත් ව්‍යාපෘතියක් සඳුදා (22) දින නාගරික සංවර්ධන සභාපති, ගෘහ නිර්මාණ ශිල්පී හර්ෂාන් ද සිල්වා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ උත්සවයකදී සොබාදහමට ආදරය කරන මහජනයා වෙනුවෙන් විවෘත කෙරිණි.

නව යුද්ධ හමුදා මුලස්ථානය ස්ථානගත කිරීමෙන් අනතුරුව, අවට පරිසරය අලංකාරවත් කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව දියත් කරනු ලැබූ ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියේ 4 වන අදියර යටතේ ඉදිකර නිම කළ නව ළමා උද්‍යානය විවෘත කිරීමෙන් අනතුරුව ‘ශාරීරික යෝග්‍යතා මංතිරුව’ යාබදව ස්ථානගත කළ ටී-55 යුධ ටැංකි දෙක නිරාවරණය කරනු ලැබීය. ඉන් අනතුරුව, සංවර්ධනය කරන ලද කිලෝමීටර් 2.6 ක දිගු දුරකින් යුත් ශාරීරික යෝග්‍යතා මංතිරුව දෙපස පිහිටි සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන වීදි ලාම්පු ආලෝකමත් කිරීම සංකේතවත් කිරීම හා යුද්ධ හමුදා මුලස්ථානයට හැරෙන මංසන්ධියේ නවතමයෙන් ස්ථාපිත කරන ලද විදුලි පහන් කණුව ආලෝකමත් කරනු ලැබීය.

මෙම ප්‍රදේශය අද පවතින තත්වයට අලංකාරවත් කර ශාරීරික පුහුණු අවශ්‍යතා සඳහා පහසුකම් සරිලන පරිදි සංවර්ධනය කිරීමට ප්‍රථම ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන සමාගමේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නීතිමය විධිවිධාන සහ උපදෙස් මත සිදුකරනු ලැබිනි. යුද්ධ හමුදා මුලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර ගේ සමීප අධීක්‍ෂණය යටතේ දියත් කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සාර්ථකව කරගැනීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඉල්ලීම මත නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ගෘහ නිර්මාණ ශිල්පි හර්ෂාන් ද සිල්වා මහතා තම වෘත්තීය විශේෂඥතාව ලබාදෙන ලදී.

පසුගිය වසරේ දෙසැම්බර් මස ආරම්භ කරනු ලැබූ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ යුද්ධ හමුදා මුලස්ථානය දක්වා දිවෙන කිලෝමීටර් 1.7 ක මාර්ගය දෙපස විශේෂ පැළ 170 ක් රෝපණය කළ අතර දෙවන අදියර යටතේ යුද්ධ හමුදා මුලස්ථානය ආසන්නයේ පිහිටි පූරන් වූ කුඹුරු අක්කර 12 ක් අස්වද්දනු ලැබීය. තවද, මෙම ව්‍යාපෘතියේ 3 වන අදියර යටතේ කිලෝමීටර් 2 ක් දිගු ශාරීරික යෝග්‍යතා මංතීරුවක් ඉදිකර පොල් පැළ 100 රෝපණය කරනු ලැබු අතර ව්‍යාපාතියේ 4 වන අදියර ආරම්භ කරමින් කිලෝමීටර් 2 ක් දිගු ශාරීරික යෝග්‍යතා මංතීරුව තවත් මීටර් 600 ක් වැඩි කර එම මංතීරුව දෙපස විදුලි පහන් අලෝකමත් කිරීම සහ ළමා උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව, ඉදිකිරීම කටයුතු නිම කරන ලද අවසන් අදියර අද (22) දින ආරම්භ කිරීමට පෙර පසුගිය මාස කිහිපය තුළ ඉදිකිරීම් කටයුතු අවසන් කළ අදියර තුනම ජනතා අයිතියට පත් කරන ලදී.

යුද්ධ හමුදා මුලස්ථාන මංසන්ධියේ ස්ථාපිත මීටර 8 ක් උස විදුලි පහන් කණුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අභිප්‍රායයන්ට සරිලන පරිදි විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂකගේ අදහසකට අනුව කොස්ගම පිහිටි විදුලි හා යාන්ත්‍රික කර්මාන්ත ශාලාවේ භටපිරිස් විසින් නිර්මාණාත්මකව නිර්මාණය කරන ලදී. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්ගේ සහ එම ඒකකවල අණදෙන නිලධාරීන්ගේ සමීප අධීක්‍ෂණය යටතේ මෙම සමස්ත ව්‍යාපෘති සාර්ථක කරගැනීමට සක්‍රීයව දායක වූහ. යුධමය බලය විදහා දක්වමින් ටී 55 යුධ ටැංකි දෙක ස්ථානගත කිරීම අභිනවයෙන් ඉදිකළ යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ ශ්‍රේෂ්ඨත්වය සහ ගෞරවය පිළිඹිබු කරයි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඉල්ලීම පරිදි මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි හර්ෂාන් ද සිල්වා මහතා අභිනවයෙන් ඉදිකළ ළමා උද්‍යානයේ සමරුඵලකය නිරාවරණය කර ප්‍රදේශය විදුලි පහනින් අලෝකමත් කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමගින් සංවර්ධනය කරන ලද එම ප්‍රදේශය නිරික්‍ෂණය කරනු ලැබීය.

යුද්ධ හමුදා මුලස්ථානය අවට ප්‍රදේශය අලංකාරවත් කිරීමට සක්‍රියව දායක වූ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන්, කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කදනාආරච්චි, නඩත්තු හා කළමනාකරණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රසාන්ත විමලසිරි, 1 වන ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආසිරි මුහන්දිරම්ගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. Buy Sneakers | Womens Shoes Footwear & Shoes Online