Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th February 2017 15:42:38 Hours

අයිඩිඑච් රෝහලේ ඩෙංගු රෝගීන් සඳහා යුද හමුදාව ඉදිකළ නව වාට්ටු සංකීර්ණය අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ

අංගොඩ, ගොතටුව හි පිහිටි අයිඩිඑච් (IDH) රෝහලේහි ඩෙංගු රෝගීන් සඳහා යුද හමුදාව මඟින් ඉදිකරන ලද වාට්ටු සංකීර්ණය බ්‍රහස්පතින්දා (02) දින ගරු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ආරාධනයෙන්, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කරන ලදි.

යුද හමුදාපතිතුමාගේ විශේෂ මඟපෙන්විම යටතේ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඩෙංගු රෝගය මුලිනුපුටා දැමිමේ ජාතික ව්‍යාපාරයට සමගාමිව මෙන්ම ඒ පිළිබඳ අවධානය යොමු කරමින් අයිඩිඑච් රෝහලේ ඩෙංගු රෝගීන් සඳහා රුපියල් මිලියන 07 ක් වැය කරමින් නව ඇඳන් 37 කින් යුත් වාට්ටු සංකීර්ණයක් ඉදිකරන ලදි.

මීට අමතරව යුද හමුදාව විසින් දොඹගොඩ, යුද හමුදා යුධෝපකරණ බලකා කර්මාන්ත ශාලාවේ දී නිම කරන ලද යකඩ ඇඳන්, කොට්ට, මදුරු දැල්, මේස ඇතුලු තවත් අවශ්‍ය උපකරණ සපයන ලදි. මෙම වාට්ටු සංකීර්ණය නානකාමර සහ වැසිකිලි 04 කින් සමන්විත වන අතර ඒ සඳහා අවශ්‍ය උපකරණ ද ඔවුන් විසින් සපයාදෙන ලදි.

යුද හමුදාපතිගේ මඟපෙන්විම යටතේ අඩි 100 x 20 ප්‍රමාණයකින් යුත් මෙම වාට්ටු සංකීර්ණය දින 10 ක් තුල සදා නිම කිරීමේ අභියෝගය බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ භාරගත් අතර, ඒ සඳහා 5 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, 9 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස්හි දායකත්වය ලබාදෙන ලදි.

සඳුදා (02) උදෑසන පැවති මෙම විවෘත කිරිමේ උත්සවය සඳහා පැමිණි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ව, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා සමඟින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්.එම්. මරික්කාර් මහතා, රෝහල් අධ්‍යක්ෂකතුමා සහ යුද හමුදාපතිතුමා නියෝජනය කරමින් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් පිළිගන්නා ලදි.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ඵලකය නිරාවරණය කරමින් නව වාට්ටු සංකීර්ණය වෙත පිවිසි අතර, එම අවස්ථාවට එතුමා සමඟින් සම්භාවනීය අමුත්තන් ද සහභාගි වූහ. අනතුරුවඅතිගරු ජනාධිපතිතුමා විසින් සංකේතාත්මකව නව වාට්ටුව වෙත රෝගීයෙකු ඇතුලත් කර ගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ආරාධිතයින්, වෛද්‍ය කාර්ය මණ්ඩලය, නිලධාරීන්, ප්‍රදේශීය දේශපාලඥයින් සහ සිවිල් වැසියන් ද එක්ව සිටියහ.

Mysneakers | Nike for Men