Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th September 2018 16:28:47 Hours

අඹ සහ පොල් පැල රෝපණය සඳහා මුලතිව් භට පිරිස් පෙරමුණ ගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රුක් රෝපණ වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙනයමින් මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියළු සේනාංක, බලසේනාංක සහ ඒකකයන් හි අඹ හා පොල් පැල රෝපණය සඳහා මුලික පියවරයන් ගෙන් තිබේ.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩී.සී.කේ කොස්තා, බ්‍රිගේඩියර් පාලන සහ භට කාර්ය සම්පාදන කර්නල් ඊ.පී හෙන්නැදිගේ, නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම රුක් රෝපණ ව්‍යාපෘතියේ මූලික පියවර ලෙස අඹ පැල 155 ක් සහ පොල් පැල 50 ක් සිකුරාදා (10) දින මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී රෝපණය කරන ලදී.

මෙම රුක් රෝපණ වැඩසටහනට සමඟාමීව මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙතින් ලබාදුන් අඹ පැල 150 ක් ඔඩ්ඩුසුඩාන් හි පිහිටි 64 වන සේනාංක මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එම මුලස්ථාන පරිශ්‍රයේ වෙන්කල කලාප 3 ක රෝපණය කරන ලදී.

මෙම ව්‍යාපෘතිය යටතේ වගා කරනු ලබන පැල සම්පුර්ණ වශයෙන් වර්ධනය වන තෙක් මෙම වගා ව්‍යාපෘතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදේශකයින් විසින් නිරික්‍ෂණය කරනු ලබයි. මෙම වැඩසටහන මගින් අල්පොන්සු සහ කර්තකොලොම්බ වැනි අඹ විශේෂ ද රෝපණය කරනු ලබන අතර නිලධාරි සහ හමුදා සාමාජිකයන් රැසක් මේ සඳහා එක්වීය. Sportswear Design | Nike Air Max 270