Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2018 23:34:12 Hours

අම්පාරේ භට පිරිස් ඇතිවූ හදිසි ආපදා තත්ත්වයට සහන සැලසීම සඳහා එක්වෙයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙන ධාරාණීපාත වාර්ෂාපතනය හේතුවෙන් ලාහුගල මහාවැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළගොස් ඇති අතර වැවේ ජලය බැසයාම පාලන නොකළහොත් විශාල විනාශයක් සිදුවිය හැකි බව අම්පාර වාරිමාර්ග අධ්‍යක්‍ෂතුමන්ගෙන් ලද තොරතුරකට අනුව යුහුසුළුව ක්‍රියාත්මක වූ නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් බ්‍රහස්පතින්දා (08) දින වැවේ ජලය බැසයන හැඩ ඔය ප්‍රධාන ඇල මාර්ගය අවහිර කරනු ලැබීය.

ඒ අනුව, ලාහුගල මහාවැවේ ජලය ඇල මාර්ගය ඔස්සේ ගලාබැස පහත් බිම් ජලයෙන් යටවීමේ අවධානම මඟහැරවීමට යුද්ධ හමුදා සාමාජිකයින් සමත්විය. ඒ සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ උපදෙස් මත 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් ක්‍රියාත්මක විය.

එමෙන්ම, විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් අම්පාර ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සහ නාවික භට පිරිස් සමඟ එක්ව පසුගිය දින කිහිපය තුල කල්මුණේ සහ චවලකඩෙයි මාර්ගයේ කිද්දංගි වෙරළ තීරය අවට පීඩාවට පත්වූ පවුල් 62 කට ආසන්න පිරිසක් සඳහා බෝට්ටු සහ ටැක්ටර් යොදාගනිමින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදෙනු ලැබීය.

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙන ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් ඇතිවිය හැකි ආපදාකාරී තත්ත්වය මැඩපවත්වමින් වැවේ සහ කලපුවේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල ගොස් ජලය පිටාරගැලීම වැලක්වීම සඳහා වැලි කොට්ට ඇතිරීමට යුද්ධ හමුදා සාමාජිකයින් සමත්විය. ඇතිවූ ආපදා තත්ත්වයට සහන සැලසීම සඳහා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සහ අනෙකුත් සන්නද්ධ සේවාවන් එක්ව කටයුතු කරනු ලැබීය.Adidas shoes | Women's Designer Sneakers - Luxury Shopping