Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2016 15:53:14 Hours

අභිත රණවිරුවන් සිහිකරමින් ‘පොපි දිනය’ සමරයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ අභීත රණවිරුවන් සිහිකිරීමේ පොපි දිනය, කොළඹ 07 විහාර මහා දේවී උද්‍යානයේ රණවිරු ස්මාරකය අයභිසදී ඉරිදා (13) පෙරවරුවෙහි පවත්වනු ලැබීය.

මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තාවන ෆීල්ඩි මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ පැමිණීමත් සමගම අභීත රණවිරුවන් සිහිකිරීමේ පොපි දින සැමරුම ආරම්භ වුණ අතර, පොපි සතිය නිමිත්තෙන් පොපි පා ගමන, පොපි කොඩි මහජනතාව වෙත අලෙවි කිරීම ද සිදු කරනු ලැබීය. එමෙන්ම ජනාධිපති කාර්යාලයේ දී ප්‍රථම පොපි කොඩිය අතිගරු ජනාධිපතිතුමා වෙත පැළදවීම මීට පෙර සිදු කරනු ලැබීය.

එහිදි සේවා මුක්ත භඨ සංගමයේ සභාපති (විශ්‍රාමික) බ්‍රිගේඩියර් කේ.ඒ ඥාණවීර සමගින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රධාන ආරාධිත අමුත්තා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

දෙවන ලෝක යුද්ධය අතරතුර අභීතව සටන් වැදි වීරෝධාර රණවිරුවන් සිහිකර විනාඩියක නිශ්ශබ්දතාවයකින් පසුව උත්සවය ආරම්භ විය.

මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් මල්කලඹක් තබා අභිත රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දැක්වූ අතර, අනතුරුව යුද සහ නාවික හමුදාපතිවරුන්, හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, තානාතපතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ දිවිපිදූ රණවිරුවන්ගේ ඥාති හිත මිත්‍රාදීන් පුෂ්පෝපහාර දක්වනු ලැබීය.

අනතුරුව ත්‍රිවිධ හමුදා තූර්යවාදක කණ්ඩායම් විසින් අභීත රණවිරුවන්ගේ මතකය අවදිකරමින් හමුදා සම්ප්‍රදායානුකූලව ට්‍රම්පට් වාදනය සංගීතයට මුසු කරනු ලැබීය.

එමෙන්ම මෙම අවස්ථාව සඳහා හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ සේවයේ නියුක්ත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් එක් වූහ.

ජාතික රණවිරු උපහාර සැමරුම් දිනය සෑම වසරකම නොවැම්බර් මස 11 වන දිනයට ආසන්නම ඉරු දින සමරනු ලබයි.

  latest Nike release | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger