Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th June 2018 11:00:00 Hours

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඒ.ඊ.ආර් අබේසිංහ හට හමුදා ආචාර

රට දැය සහ යුද්ධ හමුදාව වෙනුවෙන් වසර 30 ක පමණ සේවා කාලයක් රාජකාරියේ නිරතව සිටි ශ්‍රී ලංකා පාබල හමුදාවේ අභාවප්‍රාප්ත විශ්‍රාමික බ්‍රිගේඩියර් ඒ.ඊ.ආර් අබේසිංහ කේඑස්වි ගේ අවසන් කටයුතු බදාදා (6) දින පස්වරුවේ මීගමුව, පෙරියමුල්ල සුසාන භූමියේදී යුද හමුදා සහ සිවිල් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්විණි.

මෘතදේහයට අවසන් ගෞරව දැක්වීමට යුද්ධ හමුදාධිපති නියෝජනය කරමින් යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ අතර, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ ශෝකවන්නන් ද එහිදී තම අවසන් ගෞරවය පුදකරන ලදි.  

අවමංගල්‍ය පෙරහැර සුසානභූමියේ ප්‍රධාන දොරටුව අසලට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් දේහය භාරගත් අතර, යුද්ධ හමුදා චාරිත්‍රානුකූලව  කාතුගැල මත තබා ජාතික ධජයෙන් ආවරණය කර සිය ආචාරය පුදකරන ලදි. ඉන් අනතුරුව පවුලේ සාමාජිකයන් ඇතුළු සියලුදෙනා සමගින් දේහය ආදාහනාගාරය වෙත රැගෙන ගියහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් විසින් නිකුත් කරන ලද විශේෂ පළමුවන කොටසේ නියෝගය කියවන අවස්ථාව සියලුදෙනාටම ශෝකානුකූල දනවන්නක් විය. භටපිරිස් විසින් යුද්ධ හමුදා චාරිත්‍රානුකූලව අවි ආචාරය පුදකරමින් යුද්ධ හමුදා නිළධාරියෙකු මියගිය අවස්ථාවේදී ලබාදෙන උසස්ම ගෞරවය පුද කරනු ලැබීය.

හිරු බැස යන මොහොතේ දීත් හිරු නැඟ එන මොහොතේ දීත් අප ඔබ සිහිකරමි යන අදහසින් රණවිරුවන් වෙනුවෙන් වූ බියුගල් නලා හඩ (Last Post) වාදනයෙන් අනතුරුව මෙම විශිෂ්ට නිලධාරියාගේ අවසන් ගමන සනිටුහන් කලහ.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක විසින් අභාවප්‍රාප්ත විශ්‍රාමික බ්‍රිගේඩියර් ඒ.ඊ.ආර් අබේසිංහ ඔහුගේ නිකැළැල් සේවා කාලය තුල හිමිකරගන්නා ගෞරව පදක්කම් ඔහුගේ පවුලේ ඥාතීන් වෙත හමුදා චාරිත්‍රානුකූලව පිළිගන්වනු ලැබීය.  

අභාවප්‍රාප්ත විශ්‍රාමික බ්‍රිගේඩියර් ඒ.ඊ.ආර් අබේසිංහ, වර්ෂ 1954 ක් වූ පෙබරවාරි මස 1 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත බැඳි, වර්ෂ 1954 මාර්තු මස 1 වන දින ජනාධිපති අධිකාරියට පත්ව 2 වන ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත ඇතුලත් කරන ලදි. Sport media | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ