Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනි සිටින පුදුකුඩිඉරිප්පු සිසුන් වෙනුවෙන් යුද්ධ හමුදා සහයෝගයෙන් අධ්‍යාපන සම්මන්ත්‍රණයක්

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ උපදෙස් මත 68 වන සේනාංක මුලස්ථානය මගින් මෙවර අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා සුදානම් වන පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා අධ්‍යාපන සම්මන්ත්‍රණයක් සෙනසුරාදා (11) දින පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ දී සංවිධානය කරන ලදී.

හිටපු ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන අධ්‍යක්ෂක විශ්‍රාමික කේ. සෙල්වරාසා මහතා සහ ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කඨීකාචාර්ය ආර්.ආර්. ආනන්දන් මහතා ඇතුළු විද්වත් මණ්ඩලයක් විසින් මෙම අධ්‍යාපන සම්මන්ත්‍රණය මෙහෙයවනු ලැබීය.

මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාව සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්. සුබ්රමමනියම් මහතා, ගුරු උපදේශක රාහු උදය කුමාර් මහතා, විදුහල්පති, ආචාර්ය මණ්ඩලය සහ 68 සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගි වුහ.

68 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ සහයෝගය හා මඟ පෙන්වීමෙන් සංවිධානය කරන ලද මෙම අධ්‍යාපන සම්මන්ත්‍රණය සඳහා 405 ට අධික සිසුන් පිරිසක් සහභාගිවුහ.

මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි වු සිසුන් හට හමුදා සමාජිකයින් විසින් නොමිලේ නිබන්ධන, මුද්‍රිත අධ්‍යාපනික පොත් පත්, කෙටි කෑම සහ දිවා ආහාරය ලබා දුන් අතර, ප්‍රදේශයේ සිසු දැරියන්ට අධ්‍යාපන සම්මන්ත්‍රණයට සහභාගිවීම සඳහා යුද්ධ හමුදා බස් රථ සේවාව මගින් නොමිලේ ප්‍රවාහන පහසුකම් ද සලසන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු අධ්‍යාපන සම්මන්ත්‍රණය සාර්ථකත්ව පැවැත්වීම සඳහා තම සුබ පැතුම් එක් කරමින් සහයෝගය ලබා දුන් අතර දේශණ සහාය ලබා දුන් විද්වතුන් වෙත 68 වන සේනාංකය විසින් සමරු තිලිණ ද පිලිගන්වන ලදී.

buy footwear | Nike Air Max