Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd December 2017 22:26:12 Hours

අපවත් වී වදාල සංඝනායක හිමියන්ගේ ආදාහන කටයුතු වෙනුවෙන් යාපනය භට පිරිස් හි සහාය

යාපනය ශ්‍රී නාග විහාරයේ වැඩ වාසය කල උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මීගහජදුරේ ඥාණරතන හිමියන්ගේ ආදාහන කටයුතු ඊයේ (22) යාපනය මුතුවේලි පිටියේදී පැවැත්විණු අතර, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භඨ පිරිස් මහා සංඝරත්නය සහ අනෙකුත් බළධාරින් ද ආදාහන කටයුතු සාර්ථකව නිම කිරිමට උපරිම සහාය ලබාදුන්හ.

අපවත් වි වදාල සංඝනායක හිමියන්ගේ දේහය රැගත් ආදාහන පෙරහැර පවස්වරු 1.45 ට පමණ යාපනය ශ්‍රී නාග විහාරස්ථාන භූමියේ සිට ආදාහන කටයුතු සඳහා ගමන් ගත් අතර, සංඝයා වහන්සේලා විශාල පිරිසක්, රජයේ නිළධාරින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, සාමාන්‍ය වැසියන් සහ සංවේගයට පත් පිරිස් අවමංගල්‍ය පෙරහැරට එක්වී සිටියහ.

ආදාහන කටයුතු සුදානම් කරන ලද ස්ථානයේදි අපවත් වී වදාල සංඝනායක හිමියන් විසින් සාමය, අනෝන්‍ය සහජිවනය, සංහිඳියාව සහ දිගු කාලීන සාමය යාපනය අර්ධද්වීපයේ ඇති කිරිමේ අභිප්‍රායෙන් සිදුකරන ලද කාර්යයභාරය පිළිබඳව පැමිණ සිටි මහා සංඝයා ඇතුළු පූජක පක්ෂය විසින් කල සේවය අගයමින් ගුණ කථන සිදුකරන ලදි.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි සමගින් අපවත් වී වදාල නාහිමියන්ගේ දේහයට විහාරස්ථානයට පැමිණ අවසන් ගෞරව දැක්වූහ.

වර්ෂ 1991 දී ශ්‍රී නාග විහාරයේ විහාරාධිකාරි පදවියට පත්වූ දා සිට අපවත් වී වදාල නාහිමියන් යාපනය ජනතාව හා ඉතා සමීප සම්බන්ධතාවයකින් කටයුතු කලහ.

සර්ව ආගම් නියෝජනය කරමින් හින්දු කුරුක්කල් තුමන්, කතෝලික පූජක තුමන්, මුස්ලිම් පල්ලි මවුලවිතුමන් ඇතුළු පූජ්‍ය පිරිසක්ද අවමංගල්‍ය පෙරහැර සඳහා සහභාගි වී සිටියහ.

උතුරු පලාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමන්, යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනයාහම් මහතා, උතුරු නාවික ආඥා පෙදෙසේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා, පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ගෲප් කපිතාන් එල්.එච් සුමනවීර, රාජ්‍ය නිලධාරින් සහ සාමාන්‍ය වැසියන්ද නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳව සංවේගයට පත්වූවන් අතර විය.

Nike air jordan Sneakers | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes