Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2018 13:03:00 Hours

අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගිවේ

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී International Ceylon Masters Badminton Association විසින් නොවැම්බර් 26 සහ 28 යන දිනයන්හීදි පවත්වනු ලැබු බැඩ්මින්ටන් තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය බදාදා (28) දින පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

මෙම තරගාවලිය සඳහා චීනය, තායිපේ, ඉන්දුනීසියාව, මැකැව්, නේපාලය, නවසීලන්තය, මැලේසියාව සහ ඕස්ටේලියාව යන විදේශිය රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගිවිය.

ජ්‍යෙෂ්ඨ විදේශීය ක්‍රීඩකයන් 84 ක් ඇතුළුව ක්‍රීඩකයන් 271 ක් සඳහා ප්‍රථම වරට පැවැත්වු මෙම බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා වයස් කාණ්ඩ 9 ක් යටතේ 2018 වර්ෂයේදි තරග ඉසව් පවත්වනු ලැබීය.

මෙම ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්ව සදහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 187 ක් සහභාගිවිය. මෙම තරගාවලියේදි ශූරතාවයන් 8 ක් දිනාගැනිමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්විය.

මෙම තරගාවලියේ අවසන් උත්සවය සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බැඩ්මින්ටන් සංගමයේ නිලධාරින් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. International Ceylon Masters Badminton Association විසින් සංවිධානය කරන ලද මෙම තරගාවාලිය ලෝක ශුරතා බැඩ්මින්ටන් සම්මේලනයේ ප්‍රමිතීන්ට අනුකූලව පවත්වනු ලැබු අතර එහි ජයග්‍රාහකයින් සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් කුසලාන පිරිනමනු ලැබීය.

තරුණ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙම දුර්ලභ තරඟාවලිය නැරඹීමේ අවස්ථාව උදාවිය.

මෙම තරගාවලියේ අධ්‍යක්‍ෂ අජිත් විජේසිංහ මහතා, ලේකම් ක්ලැරන්ස් හොමර්, සභාපති රොහාන් ද සිල්වා මහතා, ප්‍රධාන විනිසුරු සංජීව විජේසේකර මහතා, නියෝජ්‍ය තරග අධ්‍යක්‍ෂ ටේරවර් රෙක්කර්මන් මහතා, සහ විශාල බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මෙම තරගාවලිය නැරඹිම සදහා පැමිණ සිටියහ. Mysneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov