Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් සේනාංක වොලිබෝල් තරඟාවලියේ ශූරතාවය 22 වන සේනාංකයට

ජාතික සහ යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම් සඳහා දක්ෂ ක්‍රීඩකයින් තෝරාගැනීමේ අරමුණින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරඟාවලිය - 2018, සඳුදා (29) දින ක්‍රීඩා ලෝලීන් විශාල ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම තරඟාවලියේ අවසන් තරඟයේ දී නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින් තරඟාවලියේ ශූරතාවය 22 වන සේනාංකය විසින් හිමි කරගත්හ.

අවසන් තරඟය නැරඹීමට සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුෂිත පනන්වල සහභාගි විය.

තරඟාවලියේ දක්ෂතා දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩකයින් පහතින් දැක්වේ;

දක්ෂතම ක්‍රීඩකයා - තුවක්කු සෙබල පී.එල්.එස්. ප්‍රේමසිරි - 22 වන සේනාංකය

දක්ෂතම ප්‍රහාරකයා-ලාන්ස් බෝම්බඩියර් ඩබ්ලිව්.එම්. සුරවිමල - නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය

දක්ෂතම ඔසවන්නා - තුවක්කු සෙබල ඒ.වී.ඒ.එල්.එම්. අමරසිංහ - 22 වන සේනාංකය

affiliate link trace | Nike