Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් සේනාංක පාපැදි තරගාවලියේ ජය 61 වන සේනාංකයට

වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන දෙවන අන්තර් සේනාංක පාපැදි තරගාවලිය සෙනසුරාදා (3) දින වව්නියාව ප්‍රදේශයේ දී පවත්වන ලදී.

මෙවර තරගාවලිය සඳහා ඒ ඒ සේනාංකයන්හි කණ්ඩායම් හතකට අයත් තරගකරුවන් 50 දෙනෙකු සහභාගි වූහ.

එම පාපැදි තරගාවලියෙහි ආරම්ක අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සහභාගි වූහ.

මෙහි පිරිමි තරගකරුවන් සඳහා කිලෝ මීටර් 88 ක දුරක් සහ කාන්තා තරගකාරිනියන් සඳහා කිලෝ මීටර් 40 ක දුරක් ධාවනය කරන ලදී.

එහිදී පැවති තියුණු තරගයකින් පසු වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන කණ්ඩායම පරදා 61 වන සේනාංක කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබීය.

කාන්තා අංශයෙහි ශූරතාවය 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය දිනා ගත් අතර, අනුශූරතාවය 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා කණ්ඩායම දිනා ගනු ලැබීය.

මෙවර තරගාවලියෙහි ශූරයා ලෙස 61 වන සේනාංකයට අයත් රයිෆල් සෙබල ආර්.ඒ.එස්.ජී රූපසිංහ සම්මාන දිනාගන්නා ලදී.

කාන්තා අංශයෙහි දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායෙහි ආධුනික සෙබල ඩබ්.ජී.ජී.එන් අමරසිංහ විසින් දිනා ගැනීමට සමත් විය.

ජයග්‍රාහකයින් සඳහා කුසලාන ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදු කරන ලදී.

එම අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

buy shoes | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp