Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් සේනාංක ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය 24 වන සේනාංකයට

යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලයේ උපදෙස් මත නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික අන්තර් සේනාංක ක්‍රිකට් තරඟාවලිය සඳහා එම ආරක්ෂක සේනා මුලස්ථානය සහ ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් කණ්ඩායම් රැසක් ගේ සහභාගිත්වයෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන ක්‍රීඩංගනයේ දී බ්‍රහස්පතින්දා (19) දින පැවැත්විණි.

අවසන් මහා තරඟයේ දී 22 වන සේනාංකය පරාජයට පත් කරමින් 24 වන සේනංකය විසින් ශූරතා කුසලානය හිමි කරගනු ලැබීය.

මෙම තරඟාවලියේ අවසන් තරඟය නැරඹිම සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධිර සහභාගිවු අතර, ජයග්‍රාහකියන් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීම එතුමන් අතින් සිදුවිය.

Running sport media | GOLF NIKE SHOES