Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th January 2018 23:22:57 Hours

අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවයේ ජය ගජබා රෙජිමේන්තුවට සහ කාන්තා බලකායට

වාර්ෂික ‘අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවය - 2017’ ක්‍රීඩා ලෝලීන් විශාල ප්‍රමාණය සහභාගිත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී ඉරිදා (28) සන්ධ්‍යාවේදී පැවැත්වුණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවය - 2017’ සඳහා යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම් 20 ක් සහ ගැහැණු කණ්ඩායම් 4 ක් පසුගිය සති කිහිපය පුරා ශූරතාවය සඳහා තරඟ වැදුණහ.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අවසන් තරඟයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජෙනරාල් ක්‍රීඩා මේජර් ජෙනරාල් අනුර සුදසිංහ සහ යුද්ධ හමුදා වොලිබෝල් සංගමයේ සභාපති බ්‍රිගේඩියර් දේවින්ද පෙරේරා විසින් ප්‍රධාන අමුත්තා පිලිගනු ලැබීය.

අවසන් තරඟය නැරඹීම සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු ද පැමිණ සිටියහ.

අවසන් තරඟයේදී ශ්‍රී ලංකා පාබල හමුදා වොලිබෝල් කණ්ඩායම පරාජය කරමින් ගජබා රෙජිමේන්තු වොලිබෝල් කණ්ඩායම ශූරතාවය දිනා ගත්හ.

ගැහැණු අංශයේ අවසන් තරඟයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා වොලිබෝල් කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා වොලිබෝල් කණ්ඩායම ශූරතාවය දිනා ගත්හ.

ප්‍රධාන අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ සහතිකපත් ප්‍රදානය සිදුකරනු ලැබූහ.

Sports News | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf