Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු විවෘත ජල පිහිනුම් තරඟාවලිය - 2017, ශුරතාවය සිංහ රෙජිමේන්තුවට

යුද හමුදා පිහිනුම් හා දිය පන්දු කමිටුවේ සංවිධායකත්වයෙන් යුද හමුදා අන්තර් රෙජිමේන්තු විවාත ජල පිහිනුම් තරඟාවලිය - 2017 අද (08) උදෑසන ගල්කිස්ස වෙරළ තීරයේ දී පවත්වන ලදි.

යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට පැවැත් වූ කිලෝමීටර් 2 ක පිහිණුම් තරඟාවලිය මෙය වන අතර, ඒ සඳහා යුද හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩකයින් 148 ක් සහ ක්‍රීඩිකාවන් 6 ක්ඇතුලු 154 ක්සහභාගි වූහ.

මෙහි පිරිමි අංශයේ ශුරතාවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව හිමිකරගත් අතර එහි අනුශූරතාවය යුද හමුදා පොදු සේවා බලකායට හිමිවිය. කාන්තා ශුරතාවය 1 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය හිමිකර ගත් අතර, අනුශුරතාවය 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය වෙත හිමිවිය.

එමෙන්ම, එ්කල පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් විමල් කුමාර වෙතත් ඒකල කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය 1 වන කාන්තා බලකායේ කාන්තා සෙබල සී.ජි.සී. ජිනාදරි වෙතත් හිමිවිය.

මෙම තරඟාවලියේ දී ඉහළම සමුහ ලකුණු ප්‍රතිශතයට හිමි අභියෝගතා කුසලානයන් ගජබා රෙජිමේන්තුවට සහ 1 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය වෙත පිරිනමනු ලැබීය.

ශ්‍රී ලංකා යුද හමුදා පිහිනුම් හා දිය පන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සේනක වික්‍රමරත්නගේ ආරාධනයට අනුව මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න සහභාගි වූ අතර, එතුමා විසින් ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමිම සිදු කළහ. යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අනුර සුදසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ක්‍රීඩා ලෝලීන් රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Running sports | Hats to Match Jordans Hyper Royal Bulls Hat