Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු මල්ලවපොර ශුරතාව සිංහ රෙජිමේන්තුවට

යුද හමුදා මල්ලවපොර කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ පුර්ණ අධික්ෂණය යටතේ 2016 – 2017 අන්තර් රෙජිමේන්තු මල්ලවපොර තරඟාවලිය, බ්‍රහස්පතින්දා (16) දින විශාල නරඹන්නන් පිරිසක් මධ්‍යයේ පනාගොඩ ක්‍රිඩාගාරයේ දි පවත්වනු ලැබිය.

දින 3 ක් පුරා පැවති (14 සිට 16) මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු 10 ක් නියෝජනය කරමින් 100 කට අධික මල්ලවපොර ක්‍රිඩකයින් පිරිසක් සහභාගි වු අතර, මෙම තරඟාවලිය ශ්‍රී ලංකා මල්ලවපොර සංගමය සහ ජාත්‍යන්තර මල්ලවපොර සංගමයේ (International Federation of Associated Wrestling Styles) (FILA) නිති සහ රෙගුලාසි වලට අනුව ශ්‍රී ලංකා යුද හමුදා මල්ලපොර කමිටුව මගින් සංවිධානය කරන ලද අතර, මෙම තරඟාවලිය සාර්ථක කර ගැනිම සඳහා ජාතික මට්ටමේ විනිසුරු සහය ද හිමි විය.

අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස යුද හමුදා මල්ලවපොර කම්මිටුවේ සභාපති මේජර් ජෙනරාල් සුදත් රණසිංහ සහභාගි වු අතර, තරඟාවලියේ ජයග්‍රහකයන්හට පදක්කම් පිරිනැමිම ද එතුමා විසින් සිදු කරනු ලැබිය.

රන් පදක්කම් 5 ක් සහ රිදි පදක්කම් 3 ක් සමගින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මෙහි ශුරතාවය හිමි කරගත් අතර, රන් පදක්කමක් රිදි පදක්කම් 4 ක් හා ලෝකඩ පදක්කම් 5 ක් ලබා ගනිමින් යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය මෙහි අනුශුරතාවය හිමි කර ගන්නා ලදි.

යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් ටි.ඒ.එන්.ඩි. පාලමුරේ හොඳම මල්ලවපොර ක්‍රිඩකයාට හිමි කුසලානය හිමි කරගනු ලැබිය.

Nike air jordan Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ