Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු බෙස්බොල් තරඟාවලිය අවසන්

අන්තර් රෙජිමේන්තු බෙස්බොල් තරඟාවලියේ අවසාන උත්සවය, ඉරිදා (20) දින කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මුලස්ථානයේ දි පවත්වන ලදි.

මෙහි පිරිමි අංශයේ ශුරතාවය යුද හමුදා බුද්ධි බලකාය දිනා ගත් අතර, අනුශුරතාවය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට හිමි විය.

මෙහි කාන්තා අංශයේ ශුරතාවය 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය දිනා ගත් අතර, අනුශුරතාවය 6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායට හිමි විය.

මේ අවස්ථාවේ දි තරඟාවලියේ ජයග්‍රහකයන්ට කුසලාන හා සහතිකපත් පිරිනමන ලදි.

මෙම අවසන් උත්සවය සඳහා, යුද හමුදා බෙස්බොල් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් පී.යු.එස්. විතානගේ සහභාගි වුහ.

Nike footwear | シューズ