Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු පැසිපන්දු ශූරතාවය යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායට

අන්තර් රෙජිමේන්තු පැසිපන්දු තරඟාවලිය - 2017 පසුගිය 23 වන දින පස්වරුවේ පනාගොඩ යුද්ධ හමුදා ජනපද ක්‍රීඩාගාරයේදී පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකා (පිරිමි) කණ්ඩායම විසින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු (පිරිමි) කණ්ඩායම ලබාගත් ලකුණු 39 ට අභිබවා ලකුණු 55 ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කළහ.

අවසාන තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහභාගී විය.

යුද්ධ හමුදා පැසිපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ජී.ජේ.ඒ.ඩබ්ලිව් ගලගමගේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලධාරී පිරිසක්ද අවසන් තරඟය නැරඹීටම එක්වී සිටියහ.

Nike Sneakers Store | Nike Running