Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th June 2018 12:34:04 Hours

අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ ශුරතාවය ගැමුණු හේවා බලකාය හිමිකරගනියි

යුද්ධ හමුදා සුලු අවි සංගමය මඟින් සංවිධානය කරනු ලබන වාර්ෂික අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලිය මැයි මස 28 සිට ජුනි මස 5 දක්වා දියතලාව මීටර් 1000 වෙඩිපිටියේ දී පවත්වන ලදි.

මෙහි ත්‍යාග ප්‍රදානෝත්සවය අඟහරුවාදා (05) දින දියතලාව වෙඩිපිටියේ දී පැවති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහභාගි විය.

මේ වසරේ ප්‍රායෝගික වෙඩිතැබීමේ තරඟාවලිය කණ්ඩායම් 35 කට වඩා වැඩි සංඛ්‍යාවක් සහභාගි වූ අතර, තරඟාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීම තුලින් රයිෆල් වෙඩි තැබීම් ක්ෂේත්‍රය ඉතා ඉහළ මට්ටමකට ගෙනඒමට හැකිවිය.

මෙම අවස්ථාවට වැදගත්කමක් එක් කරමින් රෙජිමේන්තු නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා වෙඩික්කරුවන් සහභාගි වූ අතර, මෙම තරඟාවලිය දැකබලාගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියහ.

මෙහි දි ගැමුණු හේවා බලකාය ආධුනික කණ්ඩායම් සහ විවෘත කණ්ඩායම් ශුරතාවය දිනැගැනීමට සමත් වූ අතර, ගජබා රෙජිමේන්තු කණ්ඩායම වෙත අනුශුරතාවය හිමිවිය.

සේවා රෙජිමේන්තු ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා කණ්ඩායම හිමිකරගත් අතර, අනුශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම වෙත හිමිවිය.

ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් සහ තරඟකරුවන් රැසක් සහභාගි වූහ.

Sports News | Air Jordan 1 Retro High OG University Blue - Gov