Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු පන්දුවාර 50 ක්‍රීකට් තරඟාවලියේ ශුරතාවය යුද්ධ හමුදා යුද්ධෝපකරණ ක්‍රීකට් ක්‍රීඩකයින්ට

යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුව විසින් සංවිධානය කළ අන්තර් රෙජිමේන්තු ‘ඒ’ කාණ්ඩ ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය සිකුරාදා (07) දින බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහ යුද්ධෝපකරණ මාස්ටර් ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බිමල් විදානගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු 10 ක් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වූ අතර තරඟාවලිය ජූලි මස 02 දින සිට පනාගොඩ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගනය, මත්තේගොඩ ඉංජිනේරු ක්‍රීඩාංගනය සහ හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.

එහිදි, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධෝපකරණ බලකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීය.

අවසන් තරඟයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධෝපකරණ බලකා කණ්ඩායම ලකුණු 232 ක් ලබාගැනීමට සමත්විය. එහිදි බළලත් නිලධාරි I සිකුගේ ප්‍රසන්න පන්දු 41 තුල හයේ පහරවල් 5 ක් සහ හතරේ පහරවල් 6 ක් සමඟින් ලකුණු 74 ක් ලබාගැනීමට සමත්විය. තවද කෝප්‍රල් මංජූල ද සිල්වා හයේ පහරවල් 2 ක් සහ හතරේ පහරවල් 6 ක් සමඟින් ලකුණු 67 ක් කණ්ඩායම වෙනුවෙන් රැස්කරදීමට සමත්විය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධෝපකරණ බලකා කණ්ඩායමට ලකුණු රැස්කිරීමේ අභියෝගයක් එල්ල කරමින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායමේ සාමාන්‍ය සෙබල තරිඳු මදුරංග ලකුණු 48 ක් තුල කඩුලු 6 ක් දවාගැනීමට සමත්විය. පිළිතුරු ඉනීම ක්‍රීඩා කල ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම ලකුණු 175 කට සීමා කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධෝපකරණ බලකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සමත්විය. එහිදි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම වෙනුවෙන් සාමාන්‍ය සෙබළ ක්‍රිෂාන් අපොන්සු ලකුණු 45 ක් සහ සාමාන්‍ය සෙබළ චාමික සිල්වා ලකුණු 39 ක් රැස් කිරීමට සමත්විය.

ඒ අනුව, පිළිතුරු ඉනීම ක්‍රීඩා කල ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායමට අභියෝගයක් එල්ල කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධෝපකරණ බලකා කණ්ඩායමේ සාමාන්‍ය සෙබළ විරාජ් කුමාර ලකුණු 21 ට කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය.

අන්තර් රෙජිමේන්තු ‘ඒ’ කාණ්ඩ ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධෝපකරණ බලකා කණ්ඩායම හිමිකරගත් අතර අනුශුරතාවය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායමට හිමිවිය.

මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය නුදුරේ දී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. bridge media | Air Jordan