Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ පළමුවටය අවසන්

අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ පළමු වටය සැප්තැම්බර් මස 6 සිට ඔක්තෝම්බර් මස 6 දින දක්වා පැවති අතර, එහිදි ‘සුපිරි හත්දෙනාගේ’ (Super Seven) වටය සඳහා බලඇණි 7 ක් තෝරාගනු ලැබීය.

විස්සයි විස්ස තරඟ ක්‍රමයට අනුව යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුව විසින් සංවිධායන කළ මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 192 ක් සහභාගි වුහ.

‘සුපිරි හත්දෙනාගේ’ (Super Seven) වටයේ තරඟ ඔක්තෝබර් මස 11 සිට 19 දින දක්වා පැවැත්වෙන අතර, මේ අතරින් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඔක්තෝබර් මස 22 වන දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී තරඟ වැදීමට නියමිතව ඇත. මේවර, නවක ක්‍රීඩකයින් රාශීයක්ද තරඟවැදීමට නියමිතය.

පළමු වටයේ ශූරතාවය සහ අනුශූරතාවය ලබාගත් කණ්ඩායම් පහතින් දැක්වේ;

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය

ශූරතාවය - 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුව

අනුශුරතාවය - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය

ශූරතාවය - 9 වන ඉංජිනේරු සේවා බලකාය

අනුශූරතාවය - 22 වන ගජබා රෙජිමේන්තුව

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථනාය

ශූරතාවය - 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය

අනුශූරතාවය - 3 වන විජයබාහු පාබල රෙජිමේන්තුව

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය

ශූරතාවය - 21 වන විජයබාහු පාබල රෙජිමේන්තුව

අනුශූරතාවය - 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය

ශූරතාවය - 23 වන ශ්‍රී ජාතික ආරක්ෂක බලමුළුව

අනුශූරතාවය - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය

ශූරතාවය - 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

අනුශූරතාවය - 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය

ශූරතාවය - 7 වන ශ්‍රී ලංකා සංඥා බලකාය

අනුශූරතාවය - 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලකාය

Nike footwear | 『アディダス』に分類された記事一覧