Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ දී ගැමුණු හේවා බලකා ක්‍රීඩකයින් විශිෂ්ඨ දස්කම් දක්වයි

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලිය - 2017 බී කාණ්ඩයේ අවසන් මහා තරඟය බ්‍රහස්පතින්දා (18) දින පනාගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අතර, එහිදි ගැමුණු හේවා බලකා කණ්ඩායම ජයග්‍රහණය හිමි කර ගත්හ.

රෙජිමේන්තු 14 ක් නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් සහභාගි වූ මෙම තරඟාවලියේ බී කාණ්ඩයේ අවසන් මහා තරඟය සඳහා ගජබා රෙජිමේන්තු කණ්ඩායම සහ ගැමුණු හේවා බලකා කණ්ඩායම සුදුසුකම් ලබාගත් අතර, අවසන් මහා තරඟය 18 දින පැවැත්විය.

එහිදි පළමුව පන්දුවට පහර දුන් ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයින් පන්දුවාර 35 යි පන්දු 2 ක් අවසානයේ සියලුදෙනා දැවි රැස්කළ ලකුණු 115 ට පිළිතුරු ලෙස ගැමුණු හේවා බලකා කණ්ඩායම පන්දුවාර 29 යි පන්දු 4 ක් තුල දී කඩුලු 5 ක් දැවි ලකුණු 119 ක් ලබාගනිමින් තරඟාවලියේ ශුරතාවය හිමිකරගනු ලැබීය.

මෙම තරඟාවලිය, මහර බන්ධනාගාර ක්‍රීඩාංගණය, ඉංජිනේරු බලකා ක්‍රීඩාංගණය, පනාගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණය හා කාලතුවක්කු රෙජිමේන්තු ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණයන්හි දී ජූලි මස 12 සිට 18 දක්වා අවසන් මහා තරඟය ඇතුලුව තරඟ 45 ක් පැවැත්විණි.

short url link | UOMO, SCARPE