Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ ජය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට

අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟ (‘ඒ’ කාණ්ඩය) සහ ත්‍යාග ප්‍රදානෝත්සවය බ්‍රහස්පතින්දා (09) දින සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහභාගි විය.

මෙම තරඟාවලිය අවසානයේ ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් සිදු කළ අතර, යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර ද මේ සඳහා එක් විය.

සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් 19 ක් (‘ඒ’ කාණ්ඩය, ‘බී’ කාණ්ඩය සහ කාන්තා කණ්ඩායම්) මේ සඳහා සහභාගි වූ අතර, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම අතර පැවති අවසන් මහා තරඟයෙන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායම වෙත ජයග්‍රහණය හිමිවිය.

‘බී’ කණ්ඩයේ තරඟවල දී ශුරතාවය ගැමුණු හේවා බලකාය වෙතත් අනුශුරතාවය ගජබා රෙජිමේන්තුව වෙතත් හිමි විය.

එසේම, කාන්තා 20/20 අන්තර් ඒකක ක්‍රිකට් තරඟාවලිය පෙබරවාරි මස 22 සිට මාර්තු මස 03 දක්වා පනාගොඩ කාලතුවක්කු රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහිදි කණ්ඩායම් 6 ක් අතුරින් ශුරතාවය 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය හිමි කරගත් අතර, අනුශුරතාවය 6 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙත හිමි විය.

ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වූහ.

Nike Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp