Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු කරටේ තරඟාවලිය - 2018 හී ශුරතාවය 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට

විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් 9 වන වරටත් සංවිධානය කරනු ලැබු අන්තර් ඒකක කරටේ තරඟාවලිය - 2018, බෝයඟනේ එම රෙජිමේන්තු මූලස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී කරටේ ක්‍රීඩාලෝලීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඔක්තෝම්බර් මස 28 දින සිට 31 දින දක්වා පැවැත්විණි.

මෙම තරඟාවලියේ අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය බදාදා (31) දින පැවැති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක සහභාගි විය.

මෙම තරඟාවලිය සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ සියලු ඒකකයන් නියෝජනය කරමින් තරඟකරුවන් 207 ක් සහභාගි වූහ. තරඟාවලියේ දී රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් හිමිකරගනිමින් තරඟාවලියේ සමස්ථ ශුරතාවය දිනාගැනීමට 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කරටේ ක්‍රීඩකයින් සමත්විය. තවද රන් පදක්කමක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් හිමිකරගනිමින් තරඟාවලියේ අනුශුරතාවය හිමිකරගැනිමට 14 වන විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රීඩකයින් සමත්විය.

තරඟාවලියේ කාණ්ඩ 9,8,7 හී හොඳම ආධුණික කරටේ ක්‍රීඩකයා ලෙස ලාන්ස් කෝප්‍රල් ජේ.එම්.සී.ජේ. පොඩිබණ්ඩාර තේරීපත්විය.

තරඟාවලියේ කාණ්ඩ 6,5,4 හී හොඳම ආධුණික කරටේ ක්‍රීඩකයා ලෙස සාමාන්‍ය සෙබල එම්.සී.ජේ. පෙරේරා තේරීපත්විය.

තරඟාවලියේ කාණ්ඩ 3,2,1 හී ශුරතාවය හිමිකරගනීමින් Brown Belt Karate දිනාගැනීමට ලාන්ස් කෝප්‍රල් ජේ.එම්.සී.ජේ. පොඩිබණ්ඩාර සමත්විය. Authentic Sneakers | Nike Air Max 270