Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු කායවර්ධන, බරඉසිලීම් හා සවිඑසවිම් තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය

අන්තර් රෙජිමේන්තු කායවර්ධන, බරඉසිලීම් හා සවිඑසවිම් තරඟාවලිය - 2016 ත්‍යාග ප්‍රදානොත්සවය දෙසැම්බර් මස 27 වන දින පනාගොඩ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා ක්‍රීඩාගාරයේ දී පවත්වන ලදි.

යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රේණුක උඩවත්ත සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

එහිදි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රේණුක උඩවත්තගේ සුරතින් සවිඑසවීමේ අභියෝගතා ශුරතාවය දිනා ගනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ කෝප්‍රල් ඩබ්.ඩි.ජි.එස්.වික්‍රමරත්න වෙත කුසලානය පිරිනමන ලදි.

තවද, මෙම තරඟාවලියේ බරඉසිලීමේ අභියෝගතා ශුරතාවය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බඩියර් ඒ.ජි.එස්. අබේවික්‍රම වෙත සහ කායවර්ධන අභියෝගතා ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ ලාන්ස් කෝප්‍රල් ජි.ඩබ්.එස්.එස්. කුමාර වෙත හිමි වූ අතර, ඔවුනට හිමි කුසලාන ද මේජර් ජෙනරාල් රේණුක උඩවත්තගේ සුරතින් ප්‍රදානය කරනු ලැබීය.

එමෙන්ම, ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ සාමන්‍ය සෙබල ටි.එම්.යු.කේ. තෙන්නකොන් කායවර්ධන තරඟාවලියේ දක්ෂතම කායවර්ධන ශුරයා බවට පත්විය.

jordan release date | Air Jordan Release Dates 2020