Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් බලඇණි ක්‍රිකට් ශුරතාවය 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට

තුනුක්කායි ප්‍රදේශයේ පිහිටි 65 වන සේනංකය යටතේ ස්ථාපිත බලඇණි සඳහා අන්තර බලඇණි ක්‍රිකට් තරඟාවලියක් බ්‍රහස්පතින්දා (19) දින එම සේනාංක ක්‍රීඩා සංකිර්ණයේ දී පැවති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස් සහභාගි විය.

මෙම තරඟාවලිය 20 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් සංවිධානය කළ අතර, තරඟාවලිය සඳහා ක්‍රිකට් කණ්ඩායම් 12 ක් සහභාගි විය.

මෙම තරඟාවලියේ අවසන් තරඟය, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම සහ 20 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සමඟ පැවැති අතර මෙම මිත්‍රත්ව තරඟාවලියේ ශුරතාවය හිමිකරගැනීමට 20 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සමත් විය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති, 651, 652 සහ 653 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් මෙන්ම 65 වන සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

latest jordans | Women's Nike Air Max 270 trainers - Latest Releases