Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd January 2018 18:21:22 Hours

අන්තර් ඒකක එල්ලේ සහ කඹ ඇඳමේ තරඟාවලිය කිලිනොච්චියේ දී

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස්, මේ වසරේත් එල්ලේ සහ කඹ ඇඳමේ තරඟ ඇතුලත් ක්‍රීඩා වැඩසටහනක් මල්ලාවී පිහිටි එම සේනාංක මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.

මෙම අන්තර් ඒකක එල්ලේ තරඟාවලිය, 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රංජිත් අබේසිංහ ගේ මඟපෙන්වීම යටතේ 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබීය.

එල්ලේ තරඟාවලියේ අවසන් තරඟය 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම සහ 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු කණ්ඩායම සමඟින් පැවති අතර, එහිදි තරඟාවලියේ ශූරතාවය 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම විසින් හිමි කරගත්හ.

මේ අතර, අන්තර් රෙජිමේන්තු කඹ ඇඳමේ තරඟාවලිය ද 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන ගේ උපදෙස් මත එදිනම පැවැත්විණි.

කඹ ඇඳිමේ තරඟාවලිය, 652 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ලංකේශ්වර මාහින්කන්ද ගේ මඟපෙන්වීම මත 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව විසින් සංවිධානය කරනු ලැබීය.

අන්තර් රෙජිමේන්තු කඹ ඇඳිමේ තරඟාවලියේ අවසන් තරඟය 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම සහ 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම සමඟින් පැවැති අතර, එහිදි 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා ක්‍රීඩකයින් විසින් ශූරතාවය හිමි කරගත්හ.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන සහභාගි විය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සහභාගි විය.

Asics shoes | Nike Off-White