Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් ඒකක එල්ලේ සහ කඹ ඇඳිමේ තරඟාවලි කිලිනොච්චියේ දී

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සහ 66 වන සේනාංක භට පිරිස් විසින් සංවිධානය කළ එල්ලේ සහ කඹ ඇඳිමේ තරඟාවලිය බදාදා (04) දින පරවිපච්චන් මහජන ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.

ඒ අනුව 66 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්විම මත සහ 661 බලසේනාවේ පුර්ණ අධික්ෂණය යටතේ 15 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් අන්තර් එක්ක එල්ලේ තරඟාවලිය සංවිධානය කළහ.

මේ සඳහා බලසේනා සහ ඒකකවලින් කණ්ඩායම් 10 ක් සහභාගි වූහ.

9 වන ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායම අතර පැවති අවසන් තරඟයේ දී 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ශුරතාවය හිමිවිය.

එමෙන්ම, 65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්විම යටතේ එදිනම අන්තර් ඒකක කඹ ඇදීමේ තරගයක් ද පවත්වනු ලැබීය.

මෙම තරඟාවලිය සඳහා බලසේනා සහ ඒකක යටතේ ඇති කණ්ඩායම් තිස් තුනක් සහභාගි වූ අතර, අවසන් තරගය සඳහා 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම සහ 24 වන ගැමුණු හේවා රෙජිමේන්තු කණ්ඩායම තේරී පත් විය. එහිදි 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම වෙත ශුරතාවයත්, 24 වන ගැමුණු හේවා රෙජිමේන්තු කණ්ඩායම වෙත අනුශුරතාවයත්, 9 වන විජයබාහු රෙජිමේන්තු කණ්ඩායම වෙත තෙවන ස්ථානයත් හිමිවිය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කරනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරී නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

jordan release date | Nike Running