Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st August 2018 13:45:36 Hours

අනතුරකට පත්ව සිටි මුවෙකුගේ ජිවිතය බේරාගනි

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 16 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් නන්දිකඩාල් කලපුව ආශ්‍රීත වනාන්තරය අසල සෙනසුරාදා (29) දින රාජකාරි කරමින් සිටියදී සවස 4.30 ට පමණ මුවෙකුගේ කෑගසන විශාල ශබ්දයක් ඇසීමෙන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වූ භට පිරිස් වනාන්තරයේ කෙළවරක වැටි සිටි මුවකුගේ ජිවිතය බේරාගැනීමට සමත්විය.

වේගයෙන් අඳුර වැටෙමින් තිබියදී, භට පිරිස් විසින් නන්දිකඩාල් කලපුවේ සැරිසරන අතරතුර අනතුරට පත්ව වනාන්තරයේ ඇඳවැටි සිටි මුවා සොයාගැනීමට සමත් විය. ජීවිතයත් මරණයත් අතර අරගලයක යෙදී සිටින මෙම සත්වයා පිළිබඳ මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු දැනුවත් කිරීමෙන් අනතුරුව ලද උපදෙස් මත ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා සාමාජිකයින් මුලතිව් වනජීවි කාර්යාලය වෙත දැනුම්දීමෙන් අනතුරුව කලාප කාර්යාලයේ පශූ වෛද්‍ය නිලධාරියෙකු යුද්ධ හමුදා භට පිරිස් සමඟ එම ස්ථානයට පැමිණ ප්‍රතිකාර කරන ලදි.

මෙහිදි වෛද්‍ය නිලධාරියා විසින් මූලික ප්‍රතිකාර සිදුකිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වයස අවුරුදු 10 – 12 අතර වයසැති මූවා පශූ වෛද්‍ය කාර්යාලය වෙත රැගෙන යන ලදී. මෙම මුවා වේගයෙන් පැමිණි වාහනයක ගැටිමෙන් කොදු ඇට පෙළට තුවාල සිදුවී තිබිණි. best shoes | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ