Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2018 23:58:22 Hours

අතුරුදන්වූවන් සොයා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් මෙහෙයුමක

මහනුවර පොලිස් බලප්‍රදේශයේ හන්තාන කඳුවැටිය තරණය කිරීමට ගොස් අතුරුදන් වූ උපාධි අපේක්ෂිත විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායමක් සොයා මධ්‍යම ආරක්ෂක සේනා මූල්සථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකු සහ සෙසුනිලයින් 8 දෙනෙකු බැගින්වූ ගලවාගැනීමේ කණ්ඩායම් දෙකක් විසින් බ්‍රහස්පතින්දා (29) දින පැය කිහිපයක් පුරා මෙහෙයුමක් දියත් කිරීමේන් අනතුරුව ඔවුන් සොයාගැනීමට සමත්විය.

ලැබී ඇති තොරතුරු වලට අනුව, උපාධි අපේක්ෂිත සිසුන් 9 ක් සහ සිසුවියන් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම කඳුකරය තරණය කරමින් සිටියදී ඇතිවු අයහපත් කාලගුණයත් සමඟ සන්ධ්‍යාවේ ඇතිවූ අඳුරු ස්වභාවය සහ මිදුම් තත්ත්වය හේතුවෙන් නිවැරදි මාර්ගය සොයාගැනීමට නොහැකිව අතරමන් වී ඇත.

නුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ දැනුම්දීමෙන් අනතුරුව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත 11වන සේනාංකයේ සේනාංකාධිපති මේ‍ජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ මඟපෙන්විමෙන් 16 දෙනෙකුගෙන් සමන්විත ගලවාගැනීමේ කණ්ඩායම් විසින් දැඩි වර්ෂාපතනය, අධික සීතල කාලගුණය සහ ඝණ අන්ධකාරය මධ්‍යයේ කඳුකරය තරණය කරමින් ඔවුන් සොයාගැනීමේ මෙහෙයුම් දියත් කළහ.

කෙසේ වෙතත්, බදාදා (29) දින සන්ධ්‍යාවේ (2030 පැය) වනවිට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ ගලවාගැනීමේ කණ්ඩායම නිශ්චිත ස්ථානය නිරීක්ෂණය කරමින් කඳුකරයේ අතුරුදන්වී පීඩාවට පත්ව සිටි සිසුන් වෙත ළඟාවීමට සමත්විය.

2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ගලවා ගැනීමේ කණ්ඩායම්පැය තුනක පමණ කාලයක් පුරා සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඔවුන් ආරක්ෂිතව රැගෙන ඒමට සමත් විය.

මෙම ගලවාගැනීමේ කණ්ඩායම අතුරුදන්වූවන් සොයාගැනීමෙන් අනතුරුව එදින (29) සන්ධ්‍යාවේදී මහනුවර පොලීස් ස්ථානය වෙත පැමිණියහ.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිතුමාගේ උපදෙස් මත මෙම යුද්ධ හමුදා ගලවාගැනීමේ කණ්ඩායම විසින් උපාධි අපේක්ෂිත විශ්ව විද්‍යාල සිසුන්ව රාත්‍රි11.30 ට පමණ මහනුවර පොලීසිය වෙත භාරදෙනු ලැබීය.

Sport media | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret