Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th December 2017 13:02:49 Hours

අතිගරු ජනාධිපතිතුමන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නායකත්ව පුහුණුව ලැබු නව සමෘද්ධි නිලධාරීන් අමතයි

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, අඟහරුවාදා (05) දිනසන්ධ්‍යාවරුවේ දී දැනට යුද්ධ හමුදාව විසින් නව සමෘද්ධි නිලධාරි තනතුරු ලාභි 1904 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්ව පුහුණු පාඨමාලාවක්’ පවත්වාගෙන යනු ලබන මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ(ITC) අහඹු සංචාරයක නිරත විය.

යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානයට සපැමිණි අතිගරු ජනාධිපතිතුමන්, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සුරාජ් බන්සජයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ගෞරව සම්ප්‍රයුක්තව පිලිගනු ලැබීය.

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ, නායකත්ව පුහුණු පාඨමාලාව හදාරමින් සිටින සමෘද්ධි නිලධාරින් හමුවී ඔවුන් සමඟ සමීපව අදහස් හුවමාරු කරගත් අතිගරු ජනාධිපතිතුමන් එම පුහුණු නිලධාරින්ගේ කාර්යක්ෂමභාවය තවදුරටත් වැඩිකිරීමේ අරමුණින් එම පුහුණු වැඩසටහන පිළිබඳව විමසුහ.

සමාජ සවිබල ගැන්විම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලිමකට ප්‍රතිචාරයක් ලෙස නව පත්වීම් ලද සමෘද්ධි සංවර්ධන නිලධාරින් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් ඉතා විධිමත්ව සංවිධානය කරන ලද නායකත්ව පුහුණු පාඨමාලාව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණෙයන් දිවයින පුරා පිහිටි පුහුණු මධ්‍යස්ථාන 17 ක ක්‍රියාත්මක අතර, මේ වනවිට එම පාඨමාලාවන් එහි අවසන් අදියරට ලඟාවී තිබේ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත ‘න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව තුලින් නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය’ යන තේමාව යටතේ සමෘද්ධි සංවර්ධන නිලධාරිණින් 1521 ක් ඇතුළු නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904 ක් වෙනුවෙන් දිවයින පුරා යුද්ධ හමුදා පුහුණු ආයතන 17 ක පසුගිය නොවැම්බර් මස 21 දින සිටපුහුණු වැඩමුළුවක් පවත්වාගෙනයනු ලැබේ.

සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතිය ගොඩනැගිමේ කාර්යභාරයේදි සෑම විටම යුද්ධ හමුදාවෙන්1/3 ක කොටසක් ජාතිය ගොඩනැගිමේ කාර්යභාරයේහිලා සෑමවිටම අනුයුක්තව කටයුතු කල යුතුය යන යුද්ධ හමුදාධිපතිතුමාගේ දැක්මට අනුව යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් මෙම පුහුණුව සම්බන්ධිකරණය සහ පහසුකම් සැපයීම සිදුකරනු ලබයි.

යුද්ධ හමුදා මුලස්ථාන පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් ගේ උපදෙස් මත දියතලාව ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල, මින්නේරිය පාබල පුහුණු පාසල, අම්පාර සටන් පුහුණු පාසල, දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල, කලාඔය යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, කලත්තෑව සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය, පනාගොඩ, 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, මින්නේරිය කාලතුවක්කු පාසල, ඇඹිලිපිටිය ඉංජිනේරු පාසල, බුවැලිකඩ සංඥා පාසල, අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, දොඹගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා පුහුණු පාසල, කුට්ටිගල ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසල, පුත්තලම විජයබාහු පාබල රෙජිමේන්තු පුහුණු පාසල, මැදවච්චිය 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය, දෙහිඅත්තකණ්ඩිය 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු පාසල යන ස්ථානයන්හි මෙම නායකත්ව පුහුණු පාඨමාලාවන් දැන් ක්‍රියාත්මක වේ.

යුද්ධ හමුදා උපදේශකයින් විසින් 2017 දෙසැම්බර් මස 09 වන දින දක්වා අඛණ්ඩව දේශන පැවැත්වීමට නියමිතව ඇත.

අතිගරු ජනාධිපතිතුමන් යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ සංචාරය සිදු කල අවස්ථාවට නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සුරාජ් බන්සජයා, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ සමෘද්ධි නිලධාරීන්සහ රජයේ නිලධාරින් රැසක් ද එක්ව සිටියහ.

latest jordans | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5