Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th March 2017 20:27:47 Hours

අතිගරු ජනාධිපතිතුමන් උතුරේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන් අමතයි

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සමඟ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ බලන ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් පිරිසක් සෙනසුරාදා (4) දින යාපනයේ පැවති රැස්වීම් සඳහා සහභාගි වුහ.

එදින උදෑසන පලාලි වෙත පැමිණි අතිගරු ජනාධිපතිතුමන් මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

මෙහිදි, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේහී ප්‍රථම වරට සංචාරයක නිරත වු සන්නද්ධ හමුදා සේනාධිනායකතුමන් හට එම භටපිරිස් විසින් සම්පදායානුකුලව කඳවුරු සම්මාන මුරය පසුකරගෙන යාමක් (drive-past Guard Turnout) පිරිනමන ලදි.

අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන්ගේ යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන සංචාරය සිහිවනු වස් එම පරිශ්‍රයේදී සංකේතාත්මකව ‘නා’ පැළයක් රෝපණය කිරිම ද සිදුකලහ.

මෙම වැඩසටහනෙහි පළමු අධියර ලෙස යාපනය ප්‍රදේශයේ වාසය කරන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් සමඟ සුහද සාකච්ඡාවක නිරත වු අතර, මෙය ඉතා අමතක නොවන අවස්ථාවක් කරමින් එක් එක් අයවළුන් සඳහා මුදලින් රු 10,000/- ක් සහ ගෑස් උදුන බැගින් ප්‍රදානය කිරිමක් ද සිදුකලහ.

අනතුරුව, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් සමග ගරු ජනාධිපතිතුමන් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

ඉන්පසුව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ සියලු නිලධාරීන් සමඟ එක්ව යාපනය අර්ධද්වීපයේ ආරක්ෂක හා අත්‍යාවශ්‍ය කරුණු පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුහ.

අනතුරුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රවණාගාරයේදී ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන් 4000 කට ආසන්න පිරිසක් ඇමතූ අතර, එහිදී යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා හට පැමිණ සිටි පිරිස පිළිබඳව වාර්තා කරන ලදි.

මෙහිදී, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් යාපනයේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයන් වෙනුවෙන් විධිමත් පිළිගැනීමේ කථාවකින් ජනාධිපතිතුමන් පිළිගන්නා ලදි.

රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමන් වෘත්තීය දැනුමෙන් සහ පුහුණුව තුළින් ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයන්ගේ ප්‍රමිතිය අන්තර්ජාතික මට්ටම වෙත ගෙන යාමේ වැදගත්කම අවධාරණය කරන ලද අතර, මව්බිම වෙත ලබාගත් සාමය සහ සෞභාග්‍ය පවත්වාගැනීම වෙනුවෙන් සියලු දෙනාම කැපවිය යුතු බවත් ඒ සඳහා රජය හැකි සියලු පියවර ගන්නා බවත් පවසන ලදි.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් නුදුරු අනාගතයේ දී ලෝකයේ හොඳම හමුදාවක් ලෙස ඉදිරියේදී පත්කිරීමට ගත හැකි සැම පියවරක් ගන්නා බවට අතිගරු ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කලහ.

භටපිරිස් ඇමතීමෙන් අනතුරුව, යුද, නාවික, ගුවන් හමුදා සහ පොලීසියේ සාමාජිකයන් 200 ක් පමණ සන්නද්ධ හමුදා සේනාධිනායකතුමන් සමඟ දිවා ආහාරය සඳහා එක් වු අතර, එහිදි එතුමන් රැස්ව සිටි පිරිස සමඟ සුහද කථා බහකද නිරත විය.

ජනාධිපතිතුමන්ගේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරය සංකේතවත් කරමින් එහි ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් එතුමා හට විශේෂ සමරු තිළිණයක් ද පිරිනමන ලදි.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම අතිගරු ජනාධිපතිතුමන් අමුත්තන්ගේ පොතෙහි අත්සන් තැබීමට ද අමතක නොකළහ.

අනතුරුව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා යාපනය අර්ධද්වීපයේ රාජ්‍ය වැඩසටහන් කිහිපයකට ද සහභාගී වූහ.

affiliate link trace | Nike, adidas, Converse & More