Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2018 06:20:11 Hours

අතිගරු ජනාධිපති තුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, ලුතිතන් කර්නල් නිලයේ නිලධාරින් 25 දෙනෙකු කර්නල් නිලයටත් උසස් කෙරේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ නිර්දේශය මත සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 5 දෙනෙකු තාවකාලික මේජර් ජෙනරාල් නිලයට නිල උසස්කර ඇති බැව් යුද සේවා ලේකම් ශාඛාව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.

මෙම නිල උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් පස්දෙනා යුද්ධ හමුදාවේ පාබල රෙජිමේන්තු නියෝජනය කරමින් අප මාතෘභූමිය වෙලාසිටි බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් මුදවාගැනීමට දියත්කරන ලද මානුෂීය මෙහෙයුමේදී උත්කෘෂ්ඨ හා ගෞරවණීය සේවාවක් ඉටුකරන ලදී.

වත්කම් කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලබන ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඩි.ජේ.අයි.පි ගමගේ, 2018 මැයි මස 16 වන දින සිට බල පැවැත්වෙන පරිදි තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත. ඔහු වත්මන් තනතුරට පත්වීමට පෙර යුද්ධ හමුදා මුලස්ථාන සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුර ඇතුලු වෙනත් ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇති අතර, මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන නිලධාරි තනතුර ද හොබවා ඇත.

කොළඹ, යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එච්.ආර් වික්‍රමසිංහ, 2018 මැයි මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත. ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර, ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ තනතුර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර ද හොබවා ඇත.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ජේ.ආර් අම්පේමොහොට්ටි 2018 මැයි මස 16 දින සිට බල පැවැත්වෙන පරිදි තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇති අතර, ඔහු මේ වන විට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ සේවය කරමින් සිටියි. එසේම ඔහු මානව හිමිකම් සහ මානුෂ්‍යවාදී නීති අධ්‍යක්ෂ තනතුර ඇතුලු තනතුරු රැසක් හොබවා ඇත.

රණවිරු සම්පත් කෙන්ද්‍රයේ සේනාවිධායක ලෙස කටයුතු කරනු ලබන ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එච්.එම් මනතුංග 2018 මැයි මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත. ඔහු රණවිරු සම්පත් කෙන්ද්‍රයේ නියෝජ්‍ය සේනාවිධායක ලෙස ද කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් ඩි.ඒ.පි.එන් දෙමටන්පිටිය 59 වන සේනාංකයේ වත්මන් සේනාංකාධිපති වශයෙන් කටයුතු කරන අතර, 2018 අගෝස්තු මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත. ඔහු වත්මන් තනතුරට පත්වීමට පෙර යුද්ධ හමුදා මුලස්ථාන තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ඇතුලු වෙනත් ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇති අතර, 552 වන බලසේනාවේ බලසේනාධිපති තනතුර ද හොබවා ඇත.

එමෙන්ම, 2018 ජූනි මස 20 වන දින සිට බලපැවැත්වෙන පරිදි ලුතිතන් කර්නල් නිලයේ නිලධාරින් 25 දෙනෙකු තාවකාලික කර්නල් නිලයට ද උසස් කර ඇත. affiliate link trace | nike air max 95 obsidian university blue book list