Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2017 20:06:10 Hours

අක්කර 29 ක් ජනතා අයිතියට

යාපනය දිස්ත්‍රික්කයේ මහජනතාව, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ ඉල්ලීමට සුභවාදි ප්‍රතිචාරයක් ලෙස ආරක්ෂක සේනා මුල්ස්ථානය - යාපනය මේ බ්‍රහස්පතින්දා (30) ජේ/224 වාසවිලාන් ග්‍රාම නිලධාරි වසමෙහි පලාලි යුද හමුදා ජනපදයට ආසන්නයේ පිහිටි රෝමානු කතෝලික මිශ්‍ර පාසල හා මේරි කාමේල් මව්තුමියගේ දේවස්ථානය ඇතුළු අක්කර 29 ක බිම් කොටස් ජනතා අයිතියට පත් කරන ලදි.

ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය හි ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි විසින් ඔට්ටම්පලම්, වාසුවිලාන් හිදී යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම් මහතා වෙත බිම් කොටස් ජනතා අයිතියට පැවරීම සබැඳි ලිපි නිළ වශයෙන් භාරදීමඋත්සවාකාරයෙන් පවත්වන ලදි.

බ්‍රහස්පතින්දා (30) දින පැවති මෙම ඉඩම් අක්කර 29 ලබාදීමේ උත්සවය ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලදි. එහිදි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම් මහතා වෙත මෙම ඉඩම් නිදහස් කිරීමේ නිල ලේඛන ලබාදීම සිදු කරනු ලැබීය.

අත්‍යාවශ්‍ය ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කරන ලද පුද්ගලික ඉඩම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් ජනතා අයිතියට පත්කිරීමට කටයුතු කරන බවට යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදාධිපති ධූරයට පත්වූ විගස ලබාදෙන ලද පොරොන්දුවකට අනුව මෙම ඉඩම් ජනතා අයිතියට පත්කරනු ලැබීය.

දේශපාලඥයින්, යාපනය දිස්ත්‍රික් ලේකම්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති, රාජ්‍ය නිලධාරීන්, ඉඩම් ලාභීන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Sports brands | Air Jordan Release Dates Calendar