Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2017 10:17:23 Hours

IPSC III ජාතික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදාවට

පුනෑව, නාවික හමුදා වෙඩි පිටියේ දී මාර්තු මස 23 සිට 26 දක්වා පැවති ජාතික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ දී (IPSC III) ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලුම රන් පදක්කම් හිමි කර ගනිමින් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකාව තුල ප්‍රථම වරට ජාතික රයිෆල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරඟාවලිය සඳහා යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් මෙන්ම සිවිල් ක්‍රීඩා සාමාජවල වෙඩික්කරුවන් ඇතුලු සැලකිය යුතු පිරිසක් සහභාගි වූහ.

යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් 10 ක් මෙහිදි තරඟ වදිමින් සමස්ත තරඟාවලියේ ශුරතාවය සහ සියලුම තරඟ ඉසව්වලදි රන් පදක්කම් දිනා ගත්තේ අනෙකුත් තරඟකරුවන් ද විශ්මයට පත්කරමිනි.

ඒ අනුව, යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ 1 වන ගජබා රෙජිමේන්තුවේ සැරයන් එම්.එම්.එන්. කොස්වත්ත Semi Auto Open Men ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් අතර, එහි Manual Open Men ඉසව්වේ ප්‍රථම ස්ථානය 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් බි.එම්.ආර්.ආර්.බන්නෑහැක දිනාගැනිමට සමත්විය. තවද Manual Standard Men ඉසව්වේ ප්‍රථම ස්ථානය ගජබා රෙජිමේන්තුවේ ලුත්තන් වයි.ඒ. රත්නායක ද, Semi Auto Standard Ladies ඉසව්වේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ ලුතිතන් සි.එස්. වීරකොන් ද දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ දී යුද හමුදාව හිමි කරගත් අනෙකුත් ජයග්‍රහණ පහතින් දැක්වේ.

Semi Auto Standard Men - Individual

ප්‍රථම ස්ථානය ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ආර්.එන්. තුසිත කුමාර - 11 වන ගජබා රෙජිමේන්තුව

Manual Open Division Men - ජයග්‍රාහකයින්

සැරයන් ඩි.පි.නාගොඩවිතාන - 14 වන ගැමුණු හේවා බලකාය

සැරයන් ඩි.එම්. ගුණරත්න - 5 වන ගැමුණු හේවා බලකාය

කෝප්‍රල් බි.එම්.ආර්.ආර්. බන්නෑහැක - 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුව

කෝප්‍රල් ඒ.එම්.ඒ. කපිල කුමාර - 20 වන ගැමුණු හේවා බලකාය

Semi Auto Open Division Men - ජයග්‍රාහකයින්

වර්ණ සැරයන් ඩබ්.වි.පි.එන්. ධමික - 6 වන ගැමුණු හේවා බලකාය

සැරයන් එම්.එම්.එන්. කොස්වත්ත - 1 වන ගජබා රෙජිමේන්තුව

කෝප්‍රල් කේ.වි.ආර් කුමාරතුංග - 2 වන විශේෂ බලකාය

ලාන්ස් කෝප්‍රල් එම්.ඒ.පි. උදයංග - 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුව

Manual Standard Division Men - ජයග්‍රාහකයින්

කපිතන් කේ.එල්.ඩි.ඒ. සාරංග - ගැමුණු හේවා බලකාය

සැරයන් ඩි.එම්.පි.කේ. විජේසුරිය - 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

කෝප්‍රල් ආර්.ඩි.ඊ. ප්‍රදිප් කුමාර - 1 වන ගැමුණු හේවා බලකාය

කෝප්‍රල් ඩබ්.යු. පුෂ්පකුමාර - 9 වන ගැමුණු හේවා බලකාය

Semi Auto Standard Division Men - ජයග්‍රාහකයින්

බ්‍රිගේඩියර් එන්.ඩි.එස්.පි. නියුන්හැල්ල

ලුතිතන් අයි.ජි. හෙට්ටිආරච්චි - ගැමුණු හේවා බලකාය

සැරයන් ටි.ඕ.ඒ.සි.කේ. අබේවර්ධන - 1 වන ගජබා රෙජිමේන්තුව

කෝප්‍රල් එම්.ඒ. ලාල් - 14 වන ගැමුණු හේවා බලකාය

Semi Auto Standard Division Women - ජයග්‍රාහකයින්

ලුතිතන් සි.එස්. විරකෝන් - ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය

2/ලුතිතන් එල්.ඒ.එස්.එම්. ලියනාරච්චි - ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය

ලාන්ස් කෝප්‍රල් ඒ.ඩි. ලක්මාලි -7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය

කාන්තා සෙබල එස්.එම්.එන්. දෙව්මිනි -6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය

Range Officers Shoot - Individual

ප්‍රථම ස්ථානය මේජර් ඩබ්.වි.ඒ.එන්.එස්.කේ. විරක්කොඩි

Nike Sneakers | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov