Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th September 2018 08:11:33 Hours

69 වන යුද්ධ හමුදා දින සංවත්සර වැඩසටහන් මාලාව මහනුවරින් ආරම්භ වේ

දශක තුනක් පුරාවට දේශය වෙලාගත් රුදුරු ත්‍රස්තවාදී සංවිධානයක්, ලොව විශ්මයට පත්කරමින් විනාශ කල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සර සැමරුම 2018 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී තිබේ.

69 වන යුද්ධ හමුදා සංවත්සරය හා යුද්ධ හමුදා දිනයට (ඔක්තෝබර් මස 10 දින) සමගාමීව බෞද්ධ, කතෝලික, ඉස්ලාම් හා හින්දු ආගමික වතාවන්ට අනුකූලව හමුදා ධජයන්ට සෙත් පැතීමේ උත්සව මාලවක් සම්ප්‍රදායානුකූලව මෙවර ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව මෙම 68 වන යුද්ධ හමුදා සංවත්සර උත්සව මාලාවේ ප්‍රථම ආගමික උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් මස 28 දින ශ්‍රී දළඳා මාළිගාවේ දී පවත්වනු ලබන අතර එහිදි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා පිංකමක් පවත්වා, ගරුතර මහා සංඝරත්නය වෙත දන් පිළිගන්වමින් සියළුම හමුදා ධඡයන්ට ආශිර්වාද ලබාගැනීමට නියමිතය.

එසේම, හමුදා ධජයන්ට සෙත් පැතිමේ තවත් උත්සවයක් ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස දී යුද්ධ හමුදාධිපතිතුමා ඇතුළු නිලධාරි සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් 01 වන දින පැවැත්විමට නියමිතව ඇත.

ඔක්තෝබර් මස 2 වන දින යුද්ධ හමුදා කතෝලික සංගමයේ සංවිධායකත්වයෙන් යුද්ධ හමුදාවට ආශිර්වාද පතා බොරැල්ල සියළු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ දී ක්‍රිස්තියානි දේව මෙහෙය පැවැත්වීමට නියමිතය.

යුද්ධ හමුදා මුස්ලිම් භක්තිකයන්ගේ සංගමයේ සංවිධානයෙන් ඔක්තෝබර් මස 3 වන දින උදෑසන ඉස්ලාම් දේව මෙහෙය කොළඹ 3 ජුම්මා පල්ලියේ දී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා හින්දු බැතිමතුන්ගේ සංගමය විසින් යුද්ධ හමුදාවට ආශිර්වාද පතා සිදු කෙරෙන හින්දු දේව මෙහෙය කොළඹ 13 පොන්නම්බලම් වනේෂ්වර් කෝවිලේදී ඔක්තෝබර් මස 4 වන දින සන්ධ්‍යාවේදී පැවැත්වෙනු ඇත.

කතරගම, කිරිවෙහෙරට ගිලන්පස බුද්ධ පුජාවක් සහ කතරගම දේවාලයට මුරුතැන් පුජාවක් පිලිගන්වා අනතුරුව කිරිවෙහෙර දාගැබ අභියස පොල්තෙල් පහන් 1500 ක් දල්වමින් පූජා භූමිය ආලෝකමත් කර ආගමික වතාවත් සිදුකර සියලු දෙවියන් වෙනුවෙන් පූජාවන් පවත්වා යුද්ධ හමුදා ධජයන්ට සෙත්පැතීම ඔක්තෝබර් මස 05 වන දින සිදුකිරීමට නියමිතය.

යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා ස්ථාපිත සියළුම යුද්ධ හමුදා කඳවුරු නියෝජනය කරමින් දහසකට වැඩි හමුදා භට පිරිසකගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දී (යුද්ධ හමුදා විහාරස්ථානය) ඔක්තෝබර් මස 7 වන දින පැවැත්වීමට නියමිතව ඇති අතර පසුදින උදෑසන (8) භික්ෂූන් වහන්සේලා 20 නමකට හීල් දානය ද, භික්ෂුන් වහන්සේලා 68 නමක් උදෙසා දහවල් සාංගික දානය ද පිරිනැමීමෙන් අනතුරුව යුද්ධ හමුදා 69 වන සංවත්සරයට අදාලව සිදු කෙරෙන ආගමික වතාවත් නිමාවට පත්වනු ඇත.

සංවත්සර උත්සව මාලාවේ උත්කර්ෂවත්ම අවස්ථාව වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරය සහ සම්මාන ආචාර පෙළපාලිය පිරිනැමීමේ උත්සවය ඔක්තෝබර් මස 10 වන දින (යුද්ධ හමුදා දිනය) පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ දී පැවැත්වීමට නියමිතය.

එදිනම (10) යුද්ධ හමුදාධිපතිතුමන් රාගම රණවිරු සෙවනෙහි ප්‍රතිකාර ලබන රණවිරුවන් හමුවි ඔවුන්ගේ සුවදුක් විමසමින් ඔවුන් කරන ලද කැපකිරීම අගයමින් ත්‍යාග ප්‍රදානය කර සිය කෘතඥතාවය පුද කරනු ලැබේ. පසුදින (11) සියලු නිල දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව යුද්ධ හමුදා සංවත්සර වැඩසටහන් මාලාව නිමාවට පත්වනු ඇත.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන යුද්ධ හමුදා සංවත්සර වැඩසටහන් මාලාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගිවීමට නියමිතව ඇත.

යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලය, යුද්ධ හමුදා කතෝලික මිත්‍රත්ව සංගමය, යුද්ධ හමුදා මුස්ලිම් භක්තිකයන්ගේ සංගමය, යුද්ධ හමුදා හින්දු සංගමය, මධ්‍යම, වන්නි සහ බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන, යුද්ධ හමුදා පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය, යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය සහ යුද්ධ හමුදා මුලස්ථානයේ මුලස්ථාන බලඇණිය ඒකාබද්ධව මෙම යුද්ධ හමුදා 69 වන සංවත්සර සැමරුම සහ යුද්ධ හමුදා දින උත්සව කටයුතු සංවිධානය කරනු ලබයි.

තවද, ප්‍රධාන සංවත්සර උත්සවයට සමගාමිව දිවයින පුරා ස්ථාපිත ආරක්ෂක සේනා මුලස්ථානයන් හිදී ද සංවත්සර වැඩසටහන් මාලාවන් පැවැත්වීමට නියමිතය.

තවත් පුවත් -

1. 69 වන යුද්ධ හමුදා දිනයට සමඟාමීව පවත්වනු ලබන ආගමික වතාවත් සෙංකඩගල පුරවරයෙන් ආරම්භ වේ

2. 69 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ජයශ්‍රී මහා බෝ සමිඳු අභියස දී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

3. යුද්ධ හමුදාවේ ඉදිරි ගමනට කිතුනු සභාවේ ආශිර්වාදය

4. යුද්ධ හමුදා 69 වන සංවත්සරයට ආශිර්වාද පතා විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක්

5. 69 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව විශේෂ ‘හින්දු’ ආශිර්වාද පූජාවක්

6. කිරිවෙහෙර පුදබිමේ දී සහ කතරගම දෙවොලේ දී 69 වන හමුදා දින සැමරුමට සමගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

7. යුද්ධ හමුදාවට ආශීර්වාද පැතීමේ සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව සහ දානමය පිංකම බෝධිරාජාරාමයේ දී

8. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අභීමානවත් 69 වන සංවත්සරය සමරයි

9. “ඉදිරි පරම්පරාවන්ට සාමය හා සහජීවනයේ වටිනාකම නොඅඩුව දායාදකිරීම යුද්ධ හමුදාවේ ප්‍රමුඛ වගකීමයි” යුද්ධ හමුදා දිනයේ දී (10) යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

Nike air jordan Sneakers | Nike News