Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2018 09:35:22 Hours

681 වන බලසේනාවේ භට පිරිස් මූල්ලිවයික්කාල් ක්‍රීඩකයින් සඳහා නව වෝලිබෝල් පිටියක් ඉදිකරයි

‘සෙල්වා ක්‍රීඩා සමාජයේ’ (Selva Sports Club) ඉල්ලීමකට අනුව එම ක්‍රීඩකයින් සඳහා 68 වන සේනාංකය යටතේ ස්ථාපිත 681 වන බලසේනාවට අයත් 9 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් නව වොලිබෝල් ක්‍රීඩාපිටියක් ඉදිකරනු ලැබූ අතර, එය සඳුදා (27) දින ඔවුන් වෙත භාරදෙන ලදි.

ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මුල්ලිවයික්කාල් නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශ බලප්‍රදේශයේ මෙම ක්‍රීඩා පිටිය ඉදිකළ අතර, 9 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් මෙම වොලිබෝල් ක්‍රීඩාපිටිය ඉදිකිරීම මඟින් ඔවුන් සහ ක්‍රීඩකයින් අතර ඇති සුහඳත්වය තවදුරටත් වර්ධනය විය.

මෙම ක්‍රීඩාපිටිය විවෘත කරමින් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂ බලමුළුවේ ක්‍රීඩකයින් සහ සෙල්වා ක්‍රීඩා සමාජය අතර මිත්‍රත්ව වොලිබොල් තරඟයක් ද පැවැත්විය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 681 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සී.එස් මුණසිංහ සහභාගි වූ අතර, ක්‍රීඩා උපකරණ ඇතුලත් ත්‍යාග පාර්සල් ද එම ක්‍රීඩා සාමාජය වෙත පිරිනමනු ලැබීය. buy footwear | GOLF NIKE SHOES