Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th November 2015 17:53:11 Hours

68 වන සේනාංකයේ සංවිධානයෙන් දන්ත වෛද්‍ය සායනයක්

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකය විසින් පසුගිය සෙනසුරාදා (07) දින කෝකිලායි ශ්‍රී සම්බෝධි රජමහා විහාරයේ දී ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් දන්ත වෛද්‍ය සායනයක් පත්වන ලදි. මෙම සායනය 681, 682 සහ 683 බලසේනාවල සහාය ඇතිව එම විහාරයේ කඨීන පිංකමට සමගාමිව පැවැත්විය. රෝගීන් 154 දෙනෙකුට ප්‍රතිකාර සැපයූ මෙම වෛද්‍ය සායනය වෛද්‍ය චම්පා සේනානායක මහත්මිය ප්‍රමුඛ මහරගම දන්ත චිකිත්සක අභ්‍යාස විද්‍යාලයේ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයන් 28 දෙනෙකු විසින් මෙහෙයවිය. 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ඇතුලු නිලධාරින් කිහිපදෙනෙකු මේ සඳහා එක්ව සිටියහ.Running sneakers | AIR MAX PLUS