Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st March 2018 14:14:24 Hours

663 වන පාබල බලසේනාවේ නවතමයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය විවෘත කෙරේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 663 වන පාබල බලසේනාවේ අභිනවයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ සුරතින් විවෘත කරන ලදී.

භෝජනාගාරයක්, මුලුතැන්ගෙයක්, රූපවාහිනි කාමරයක් සහ නවාතැන් පහසුකම් වලින් සමන්විත මෙම නව ගොඩනැගිල්ල 663 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂ් වැලිකල ගේ උපදෙස් මත 663 වන බලසේනාව යටතේ පාලනය වන ඒකකයන්හි සියලුනිලයින්ගේ දායකත්වයෙන් ඉදිකළහ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන සහභාගි වූ අතර ආගමික වතාවත් මධ්‍යයේ අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා අණදෙන නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොළත් නිලධාරින් රැසක් එක්ව සිටියහ.

latest Running | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf