Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

66 වන සේනාංකයෙන් පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ

66 වන සේනාංක භටපිරිස් විසින් කොළඹ තරුණ ක්‍රිස්තියානි සමාජය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව පූනරීන් ප්‍රදේශයේ පාසල් සිසුන් වෙත පාසල් උපකරණ විශාල ප්‍රමාණයක් බෙදාදීමේ උත්සවය (17) සෙනසුරාදා පවත්වනු ලැබීය.

20 වන ශ්‍රී ලංකා පාබල හමුදාව මගින් සංවිධානය කරන ලද මෙම පුණ්‍ය වැඩසටහනෙහි අරමුණ වූයේ ප්‍රදේශයේ සිටින පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අතහිත දීම වේ.

එමෙන්ම මෙම වැඩසටහන මගින් උතුර සහ දකුණ අතර, අවබෝධය, හොද හිත සහ සංහිඳියාව වර්ධනය කර ගැනීම ද අරමුණ වේ.

ශිවන්නගර් ක්‍රිස්තියානි දේවස්ථානයේ ජූඩ් අමලදාස් පියතුමා විසින් කොළඹින් පැමිණි ගිහාන් ගුණතිලක පියතුමන් ඇතුළු පිරිස පිළිගන්නා ලදී.

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන සහභාගි විය.

මෙහිදී රුපියල් 200,000.00 වටිනා පාසල් උපකරණ කට්ටල 125 ක් පාසල් සිසුන් සඳහා බෙදාදීම සිදුවිය.

මෙහිදී 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන විසින් පරිත්‍යාගශීලීන් අමතමින් මෙවැනි පුණ්‍ය කටයුත්තක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් විශේෂ ඇගයීමක් සහ සිය ස්තුතිය ද පුදකරනු ලැබීය.

Nike air jordan Sneakers | Air Jordan