Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2016 16:33:33 Hours

66 වන සේනාංක සෙබලුන් පානීය ජලය ලබා ගන්නා පොදු ළිඳක් පිරිසිදු කරයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ භට පිරිස් විසින් එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා පානීය ජලය ලබාගනු ලබන පොදු ළිඳක් පිරිසිදු කරනු ලැබීය. පසුගිය යුද සමයේ දී එල්.ටී.ටී.ඊ. විසින් පාලනය කරන ලද ප්‍රදේශයක පිහිටි මෙම ළිඳ භාවිතයට නුසුදුසු තත්වයේ තිබූ අතර, පූනාකරි සහ පුනරීන් ප්‍රදේශයේ සිවිල් වැසියන් ජල අවශ්‍යතා සපුරාලීම සඳහා මෙය පිරිසිදු කර ඇත. පුනරීන් සිවිල් වැසියන්ගේ ජල අවශ්‍යතා සලකා බැලීමෙන් අනතුරුව 66 වන සේනාංකයේ භට පිරිස් විසින් එය ශුද්ධ පවිත්‍ර කිරීම සිදුකරන ලදී. මීට අමතරව, පානීය ජලය ලබා ගැනීම සඳහා එම ළිඳ වෙත ඇති දුර ප්‍රමාණය අඩුකර ගැනීම වෙනුවෙන් භට පිරිස් විසින් කඳවුරු පරිශ්‍රයෙන් ගමන් කිරීම සඳහා ජනතාව හට අවස්ථාව ලබාදෙනු ලැබීය.Nike sneakers | Men's Footwear