Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th October 2018 16:05:06 Hours

653 වන බලසේනාවේ භට පිරිස් සූනඛ ගහනය පාලනය සඳහා නව ප්‍රජා ව්‍යාපෘතියක

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රොබින් ජයසුරිය ගේ අධීක්‍ෂණය යටතේ අලම්කුලම් සහ පලෙයිනගර් ප්‍රදේශයේ ජනතාවගේ යහපත සඳහා ක්‍රියාත්මක කරනු ලබන නව ව්‍යාපෘතියක් ලෙස සුනඛ ගහනය පාලනය කිරීමේ ව්‍යාපෘතියක් ඔක්තෝම්බර් මස 21 දින සිට 23 දින දක්වා දියත් කරනු ලැබීය.

මෙම ප්‍රදේශයේ ජනතාව ජලභීතිකා රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාවය වැඩිවීම හේතුවෙන් නිදැල්ලේ හැසිරෙන සුනඛ ගහනය පාලනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සඳහා සත්ව සුරැකුම් සංවිධානය (Animal Protection Trust) විසින් අවශ්‍ය සහයෝගය ලබාදෙන ලදී.

ඒ අනුව, සත්ව සුරැකුම් සංවිධානයේ නිලධාරින්ගේ සහ පශු වෛද්‍යවරුන්ගේ සහයෝගය ඇතිව තෙදිනක් පුරා පැවැති මෙම වැඩසටහනේ දී සුනඛයින් 203 ක් එන්නත් කරනු ලැබීය.

653 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබු අතර, ඒ සඳහා සහයෝගය දැක්වූවන්ට එතුමන් සිය ස්තුතිය ද පුද කළ සිටියහ.affiliate tracking url | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth