Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st September 2018 06:20:11 Hours

651 සහ 653 වන බලසේනාවන්හි භට පිරිස් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් දෙකක් දියත් කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 සහ 653 වන බලසේනා බලප්‍රදේශයන්හි ස්ථානගත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් සෙනසුරාදා (25) දින පලෛයිනගර් විද්‍යාල පරිශ්‍රය සහ අඟහරුවාදා (28) දින පල්ලවාරයන්කඩ්ඩු පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසහනක් පවත්වනු ලැබීය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රන්ජිත් අබේසිංහ සහ 653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රොබීන් ජයසුරිය ගේ මඟපෙන්වීම මත මෙම ශ්‍රමදාන ව්‍යාපෘතින් දියත් කරනු ලැබීය.

මෙම ශ්‍රමදාන වැඩසටහන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 80 කට අධික පිරිසක් සහභාගි වූහ. Sports brands | Nike Shoes