Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th July 2018 10:30:50 Hours

65 වන සේනාංකයේ භට පිරිස් විසින් ඉදිකරමින් පවතින නව නිවාස 9 ක ඉදිකිරීම් කටයුතු අවසන් අදියරට

තුනුක්කායි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා නව නිවාස 9 ක් ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA) විසින් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර 65 වන සේනාංකයේ භට පිරිස් විසින් ඉදිකරමින් පවතින මෙම නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස් නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

මෙහිදි සේනාංකාධිපතිතුමන්, ඉදිකරමින් පවතින නව නිවසවල හිමිකරුවන් සමඟ සාකච්ඡා කරමින් එම නිවාසවල ඉදිකිරීම් කටයුතු නිමාවට පෙර තවත් වැඩිදියුණු විය යුතු අංගයන් පිළිබඳව විමසා සිටියහ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරමින් පවතින නිවාසයන්හි ඉදිකිරීම් කටයුතු පිළිබඳ එම නිවාසලාභීන්ගේ පැසසුමට ලක්විය. Sports Shoes | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival