Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

65 වන සේනාංක පැසිපන්දු තරඟාවලියේ ජය 1 වන ගජබා රෙජිමේන්තුවට

65 සේනාංක අභියෝගතා කුසලාන පැසිපන්දු තරඟාවලිය ඉරිදා (24) දින එම සේනාංක ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති අතර, තුනුක්කායි හි 1 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි.

මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 8 ක් සහභාගි වූ අතර, ඉන් අතුරින් අවසන් මහා තරඟය සඳහා 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා බළඇණි කණ්ඩායම සහ 1 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම තේරීපත් වූහ. එහිදි 2018 වසරේ ජයග්‍රහණය 1 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම විසින් දිනාගනු ලැබිය.

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩාකයාට හිමි කුසලානය 1 වන ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ජි.බි.එම්.ඩි ගමගේ විසින් හිමි කරගත් අතර, 65 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ජයග්‍රාහි කණ්ඩායමට සහ තරඟාවලියේ අනුශුරතාවය හිමිකරගත් කණ්ඩායම් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කරන ලදි.

මෙම පැසිපන්දු තරඟය 652 බලසේනාවේ අධික්ෂණය යටතේ 1 වන ගජබා රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා 651 වන බලසේනාවේ බලසේනාධිපති, 652 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

මෙම අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරිස් සහභාගි වූහ. මෙම තරඟාවලිය 65 වන සේනාංකයට අයත් බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු පැසිපන්දු ක්‍රීඩකයින්ගේ සහ හමුදා සාමාජිකයින්ගේ උනන්දුව සහ දක්ෂතා විදහා දැක්විමට අවස්ථාවක් විය.

jordan release date | Nike Shoes