Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th September 2016 16:04:57 Hours

65 සහ 66 සේනාංක භට පිරිස් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 සහ 66 යන සේනාංක භට පිරිස් ජාත්‍යාන්තර වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා තම දායකත්වය ලබා දෙනු ලැබීය. කිළිනොච්චි ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන සැප්තැම්බර් මස 21 සිට 23 වන දින දක්වා පවත්වනු ලැබීය. මෙහිදී වල්ලෙයිපාඩු, වෙට්ටකඩු, කිරන්චි ශිවපුරම්, තේවාන්පිඩ්ඩි සහ නාච්චිකුඩා යන ප්‍රදේශයන්හි වෙරල තීරය ආවරණය වන පරිදි පැවති මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා යුද හමුදා සාමාජිකයින් සියයකට අධික පිරිසක් සමගින් ප්‍රදේශයේ සිවිල් වැසියන් රැසක් එක් විය. එම වැඩසටහන අතරතුර දී කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දැනුවත් කිරීමේ වැඩසටහනක ද නිරත විය. Sportswear free shipping | youth nike kd low tops orange , Nike Air Max , Iicf